කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් නීති විරෝධීව රට තුලට විශ මත්ද්‍රව්‍ය ගෙන ඒමට තැත් කල ගුවන් මගියෙකු අත් අඩංගුවට ගෙන තිබෙන බවඅතිරේක රේගු අධ්‍යක්ශ ජනරාල්,රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පවසයි.
එම මගියා (18) රාත්‍රී 11.30 පමණමැලේසියානු ගුවන් සමාගමට අයත් MH 179 දරණ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් ගුවන් තොටුපොලේ සිට කටුනායකට පැමිණ ඇත. මෙම පුද්ගලයා සතුව අයිස් වර් ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10.197 ක් තේකොළ අඩංගු පැකට් වල සඟවා තිබී රේගුව සොයාගනු ලැබුවා.රේගුවට කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති මගීන් පිටවන හරිත මාර්ගයෙන් පිටවීමටයි මෙම අය උත්සාහ දරා ඇත්තේ.එම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් මිලියන 250ක් බවට තක්සේරු කර ඇත.වයස අවුරුදු 35 ක් වන ශ්‍රී ලාංකිකයෙකු වන මගියා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.අදාල ගුවන් මගියා සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයට භාර දී තිබේ.