21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්SOCOMEC ශ්‍රී ලංකාවේ බලශක්ති අධීක්ෂණවිසඳුම්ඉදිරියටගෙනයාමඋදෙසාVenora කණ්ඩායම සමඟ උපාය මාර් ගික එකඟතාවයකට එළඹෙයි..

SOCOMEC ශ්‍රී ලංකාවේ බලශක්ති අධීක්ෂණවිසඳුම්ඉදිරියටගෙනයාමඋදෙසාVenora කණ්ඩායම සමඟ උපාය මාර් ගික එකඟතාවයකට එළඹෙයි..

ශ්‍රීලංකාව, දෙසැම්බර් 18, 2024:ප්‍රංශය පදනම් කරගත් අඩු වෝල්ටීයතා බල කළමනාකරණය පිළිබඳ සියවසකට අධික අත්දැකීම් ඇති විශේෂඥයෙකු වන Socomec, ශ්‍රී ලංකාවේ විදුලි ඉංජිනේරු  ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Venora සමූහයේ අනුබද්ධිත සමාගමක් වන Boxy පෞද්ගලික ආයතනය සමඟ උපායමාර්ගික හවුල්කාරීත්වයක් නිවේදනය කර ඇත.  තිරසාරබව  සහ කාර්යක්ෂම බලශක්ති කළමනාකරණය කෙරෙහි කලාපයතුළවර්ධනය වන උනන්දුවට සමගාමීව ශ්‍රී ලංකාවේ බලශක්ති මැනීම සහ අධීක්ෂණ විසඳුම් ශක්තිමත් කිරීම මෙම සහයෝගීතාවයේ අරමුණයි.

Socomecහි ආසියා පැසිපික් කලාපයේ ප්‍රධාන විධායක නිලධාරී ඔ’නීල් දිසානායක මහතා මෙම හවුල්කාරීත්වයේ වැදගත්කම අවධාරණය කරමින් “මේ වන විට වෙළඳපොල වැඩි වැඩියෙන් තිරසාරත්වය සහ කාර්යක්ෂම බලශක්ති කළමනාකරණය කරා ගමන් කරමින් සිටින අතර, යුරෝපයේ බලශක්ති අධීක්ෂණ කිරීමේ ප්‍රමුඛතමව්‍යාපාරයක්  ලෙස Socomecඉතා සාර්ථක ලෙස මෙම අවශ්‍යතාව ඉටු කිරීම සඳහා කටයුතු කරනවා. ශක්තිමත් මෙන්ම එකිනෙකාට උපකාරී වන මෙම සබඳතා තුළින් අප හවුල්කරුවන් සතු දේශීය විශේෂඥතාව උපයෝගී කරගනිමින් වඩාත් ඵලදායී විසඳුම් ලබා දෙමින් ආසියා-පැසිෆික් කලාපය පුරා අපගේ ව්‍යාප්තිය පුළුල් කිරීමට මෙවැනි හවුල්කාරීත්වයන් තුළින්අපට හැකියාව ලැබෙනවා” යනුවෙන් ප්‍රකාශ කළේය.

Socomec Greater Indiaහි කළමනාකාර අධ්‍යක්ෂ මිනු සින්ගාල් මහතා හවුල්කාරීත්වය පිළිබඳ සිය සතුට පළ කරමින් “ශ්‍රී ලංකා වෙළඳපොළට හොඳම සේවාවන් සැපයීම සඳහා Boxy පුද්ගලික ආයතනය සමඟ අත්වැල් බැඳ ගැනීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. අපගේ සමාගම් දෙකම අප කෙරෙහි ගනුදෙනුකරුවන් සතුව ඇති විශ්වාසය වැඩිදියුණු කිරීමටත්, තවත් ශක්තිමත්, අර්ථවත් සබඳතා ගොඩනඟා ගැනීමටත් කැපවී සිටිනවා. මේ සමඟ අප ශ්‍රී ලංකාව තුළ අපගේ ව්‍යාප්තිය තව දුරටත් පුළුල් කරන නිසාවෙන් මෙම හවුල්කාරීත්වය Socomecසඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුන්වාදීමට පුළුවන්. Venora හි දේශීය විශේෂඥතාව උපයෝගී කරගනිමින්, මෙම කළාපයේ අවශ්‍යතාවයන්ට ගැලපෙන අති නවීන බලශක්ති කළමනාකරණ විසඳුම් ලබාදීමට අප බලාපොරොත්තු වනවා” යනුවෙන් ප්‍රකාශ කළේය.

සිය අදහස් දක්වමින් Boxy පුද්ගලික ආයතනයෙහි අධ්‍යක්ෂ සයුරු ගුණවර්ධන මහතා “බලශක්ති කළමනාකරණ විසඳුම්වල ගුණාත්මකභාවය සහ නවෝත්පාදනයන් සඳහා Socomecසතු කීර්තිය අප අගය කරනවා. මෙම හවුල්කාරීත්වය ගෝලීය මට්ටමේ නිෂ්පාදන ශ්‍රී ලංකාවට ගෙන ඒමට අවස්ථාවක් සලසනු ලබනවා. අප එක්ව, තීරණාත්මක අවස්ථා සඳහා කඩිනම් සහ විශ්වාසනීය සේවා සැපයීම සහතික කරමින්, මෙහෙයුම් විධිමත් කර, ශක්තිමත් සැපයුම් ජාලයක් ස්ථාපිත කිරීමට කැපවී සිටිනවා” ලෙස සිය අදහස් දැක්වීය.

Socomecහි සිය මෙහෙයුම් පුළුල් කිරීම සම්බන්ධව සිය අදහස් දැක් වූ සමාගමේ සාමාන්‍යාධිකාරී සුහාඩ් අමිට් මහතා “Socomecදශක හතරකට වැඩි කාලයක් පුරා ශ්‍රී ලංකා වෙළඳපොළට සේවය කරමින් දත්ත සුරැකුම් මධ්‍යස්ථාන, කර්මාන්ත සහ සෞඛ්‍ය සේවා වැනි අංශ හරහා විවිධ වූ නවීන නිමැවුම් හඳුන්වාදීම සිදු කළා.Boxy ආයතනය සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය තුළින්, කලාපය තුළ විකාශනය වන අවශ්‍යතා සපුරාලීම සඳහා, වැඩි දියුණු කළ බලශක්ති කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ දේශීය සහයෝගය ලබා ගැනීම අපගේ අරමුණ වනවා. Boxy කණ්ඩායම සමඟ අපගේ සහයෝගීතාවය පාරිභෝගිකයින්ට අසමසම සේවාවක් සහ ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන, වඩාත් උචිත විසඳුම් ලබාදීම පිළිබඳ සහතික කරනු ලබනවා” යනුවෙන් සිය අදහස් දැක්වීය.

මෙම හවුල්කාරීත්වය සමඟ, Socomecශ්‍රී ලංකාව තුළ සහ ඉන් ඔබ්බට නව්‍ය, විශ්වාසදායක සහ කාර්යක්ෂම බලශක්ති විසඳුම් සමඟින් ව්‍යාපාර සවිබල ගන්වමින්  තිරසාරභාවය සහ එහි මෙහෙවර සඳහා වූ සිය කැපවීම පෙන්නුම් කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments