21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPවරායේ තදබදය අවසන් කිරීමට ජනපති උපදෙසින් වැඩ පිළිවෙලක්...

වරායේ තදබදය අවසන් කිරීමට ජනපති උපදෙසින් වැඩ පිළිවෙලක්…

කොලඹ වරායේ ඇතිවී තිබෙන බහලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා රේගුව විශේෂ වැඩපිලිවෙලක් අරඹා තිබෙන බව අතිරේක අධ්‍යක්ශ ජනරාල්, රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසයි.

ඒ අනුව කොලඹ වරායෙන් ඊයේ (13) දින බහලුම් 459 ක් නිදහස් කර ඇති අතර RCT, ග්‍රේලයින් 1 හා 2 අංගන වලින් බහලුම් 242 ක් පරීක්ශාව අවසන් කොට නිදහස් කර තිබුනා.

රේගුවෙන් දිනකට පරීක්ශා කර බහලුම් 500 ක් පමන නිදහස් කල හැකි වුවත් නිෂ්කාෂන නියෝජිතයින්ගේ හා ලොරි රථ රියදුරන්ගේ පැමිනීම අඩු වූ නිසා නිදගස් කලහැකි ප්‍රමානය මෙසේ පහත මට්ටමක පැවතුනා.

අද (14) උදෑසන වනවිට දොරටු අවසර පත් නිකුත් කොට එහෙත් භාන්ඩ පරීක්ශන අංගන වෙත නිදහස් කිරීමට වරාය තුල බහලුම් 496ක් ඉතිරි වී තිබෙනවා.

මෙහිදී සඳහන් කල යුතු විශේෂ කරුනක් වන්නේ රේගුව විසින් නිදහස් කල, එහෙත් ආනයනකරුවන් හා ඔවුන්ගේ නිශ්කාෂන නියෝජිතයන් විසින් තවමත් මුදා ගැනීමට කටයුතු නොකල බහලුම් 603 ක් කොලඹ වරාය තුල මේ වනවිට ඉතිරි වී තිබෙනවා. වරායේ බහලුම් පර්යන්ත තුල ඉඩකඩ ඇසිරීමට මෙයින් සෑහෙන බලපෑමක් සිදු වෙනවා.

අද දින(14) නිවාඩු දිනයක් වුවත් රේගුව සහ අදාල අනෙකුත් රාජ්‍ය ආයතන බහලුම් නිදහස් කිරීමේ කටයුතු වල යෙදෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments