සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeUncategorizedසාංචි බැතිමතුන් නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ දී හරසරින් පිළිගනී.

සාංචි බැතිමතුන් නුවරඑළිය සීතාඅම්මාන් කෝවිලේ දී හරසරින් පිළිගනී.

සාංචි චේතියගිරි විහාරාධිපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ 75 වෙනි ජන්ම දිනයට සාංචි ජනතාවගේ සුබ පැතුම් රැගෙන පැමිණි සාංචියේ ප්‍රභූ නියෝජිත පිරිස පසුගියදා නුවරඑළිය සීතා අම්මාන් කෝවිල වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ,එම කෝවිලේ පාලක මණ්ඩලය වෙනුවෙන් එස්.තියාගු මහතා ඔවුන් ඉතාමත් හරසරින් පිළිගනු ලැබීය.එම අවස්ථාවට සාංචි චේතියගිරි විහාරාධිකාරී බානගල විමලතිස්ස හිමියෝ ද සහභාගි වූහ.
පසුව ඔවුන් බානගල උපතිස්ස නාහිමියෝ ද බැහැ දැක සාංචි පුරවැසියන්ගේ ගෞරවනීය සුභ පැතුම් උන් වහන්සේට පිරිනැමූහ.
මෙම නියෝජිත පිරිසට,රයිසන් දිස්ත්‍රික් අමාත්‍ය සහ සාංචි නාගරික සංස්ථාවේ (පංචායත් සභාව) හිටපු සභාපති (Mr Balram Malviya) district minister BJP, )බල්රාම් මල්වියා මහතා,සාංචි වෙළඳ සංගමයේ සභාපති ශෙයිතාන් සිං මහතා (Mr Shaitan Singh president of trade union Sanchi)සාංචි සමූපකාර බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නරේෂ් රාජ්පුත් මහතා (Mr Naresh Rajput MD of cooperative bank),සාංචි රෝහලේ වෛද්‍ය මුකේෂ් කුමාර් මහතා (Dr Mukesh Kumar),එදා සාංචි විහාරය ගොඩනගන කාලයේ හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නා හිමියන්ට හෙවනැල්ල බඳුව සිටි සාංචියේ ප්‍රථම ව්‍යාපාරිකයකු වන ජේයිෂ්වාල් මහතාගේ මුණුබුරු ව්‍යාපාරික සන්තෝෂ් ජේයිෂ්වාල් මහතා(Mr Santosh Jaiswal) සහ ව්‍යාපාරික දේවේන්ද්‍ර සිං ලෝඩි මහතා (Devendra Singh Lodhi) සාංචි චේතියගිරි විහාරාධිපති බානගල විමලතිස්ස හිමියෝ ද එක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments