26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් 2024 වසරේ වැටලීම් 24761ක්-සභාපති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් 2024 වසරේ වැටලීම් 24761ක්-සභාපති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් 2024 වර්ෂයේ වැටලීම් 24761ක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසයි. ඒ අනුව ඊට අදාල නඩු පැවරීම් 23953ක් සිදුකර ඉන් අවසන් වූ නඩු සඳහා මහේස්ත්‍රාත් අධිකරණ මගින් රුපියල් මිලියන 207කට අධික දඩ මුදලක් නියමකර ඇත. එමෙන්ම දැනට නඩු පැවරීම් සිදුකර නොමැති වැටලීම් සඳහා කඩිනමින් නඩු පැවරීම් සිදු කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. අදාළ වැටලීම් වලදී උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, භාණ්ඩවල තොරතුරු සදහන් නොකිරීම, තොරතුරු වෙනස් කිරීම, ලකුණු කළ මිල වෙනස් කර වෙනත් මිලක් සඳහන් කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම , විදුලි උපාංග සඳහා වගකීම් කාලයක් ලබා නොදීම, තොග සගවා තබා ගැනීම, විධිමත් බිල්පතක් ලබා නොදීම, තරඟවිරෝධි චර්යාවල යෙදෙමින් වෙළෙදාම් සිදු කිරීම සහ කොන්දේසි සහිතව භාණ්ඩ අලෙවි කිරීම ඇතුළු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත උල්ලංඝනය කරමින් වෙළෙදුන් විසින් සිදුකරන ලද වැරදි සම්බන්ධව මෙම වැටලීම් සිදුකර ඇත.

අදාළ වැටලීම් වලදී ආහාර වර්ග, රූපලාවන්‍ය ද්‍රව්‍ය හා ඖෂධ ගොඩනැගිලි ද්‍රව්‍ය, විදුලි උපකරණ ඇතුළු විවිධ පාරිභෝගික භාණ්ඩ ආවරණය කර තිබුන අතර එහිදී වැඩිම වැටලීම් ප්‍රමාණයන් ලෙස සහල් සම්බන්ධව වැටලීම් 3114ක් , පාන් සම්බන්ධව වැටලීම් 1624ක් සහ බිස්කට් සම්බන්ධ වැටලීම් 1086ක් ලෙස සිදුකර තිබිණි.

වැටලීම් සිදු කිරීමේදී සුපිරි වෙළෙඳසැල්, ආපනශාලා, ඖෂධ අලෙවිසැල්, නිමි ඇදුම් වෙළෙඳසැල්, ජංගම දුරකතන හා විදුලි උපාංග අලෙවිසැල්, ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැල් හා රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවිසැල් ප්‍රධාන වශයෙන් විමර්ශන වලදී පරීක්ෂාවට ලක්කර තිබුණි

සියලුම දිස්ත්‍රික්කවල මෙම වැටලීම් ක්‍රියාත්මක කළ අතර වැඩිම වැටලීම් සිදුකළ දිස්ත්‍රික්ක අතරින් ප්‍රධාන වශයෙන් කුරුණෑගල, ගම්පහ, මහනුවර, කෑගල්ල, පුත්තලම, අනුරාධපුර, අම්පාර, මඩකලපුව, මාතර යන දිස්ත්‍රික්කයන් වර්ෂය තුළ එක් දිස්ත්‍රික්කයක් දහසකට වැඩි ප්‍රමාණයක් වැටලීම් සිදුකර ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කය වසර තුළදී වැටලීම් 2282ක් සිදුකර ඇත.

2025 වර්ෂයේදී පාරිභෝගිකයින් විසින් සිදුකර ඇති පැමිණිලි වලට කඩිනමින් පියවර ගැනීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති අතර දිවයිනපුරා වෙළෙඳසැල් පරීක්ෂා කිරීමටත්, උපායදූතයන් මගින් වෙළෙදුන් විසින් සිදුකරනු ලබන වැරදි හදුනාගෙන නීතිමය පියවර ගැනීමටත් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments