26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්2023න් පසු ජාතික කම්කරු උපදේශක සභාව රැස්වෙයි.

2023න් පසු ජාතික කම්කරු උපදේශක සභාව රැස්වෙයි.

කාන්තා වෘත්තීය සමිතිවලටත් මෙම සභාව නියෝජනය කිරීමට අවස්ථාව.

දෙදහස් විසිතුන වර්ෂයේ අගෝස්තු මාසයෙන් පසුව පළමු වරට ජාතික කම්කරු උපදේශක සභාව ඊයේ (15) පස්වරුවේ නාරාහේන්පිට පිහිටි කම්කරු මහ ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්විය. කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.

නව රජය බලයට පත්වීමෙන් පසු කම්කරු අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම සභාව කඩිනමින් කැඳවීමට තීරණය කරන ලද්දේ කම්කරු ප්‍රශ්න සහ කම්කරු ක්ෂේත්‍රයට අදාල සියලු කරුණු සේව්‍ය – සේවක සහ රජය යන ත්‍රෛපාර්ශවීය එකඟතාවයෙන් නිරාකරණය කරගත යුතු බව රජය ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගෙන ඇති නිසාය.

කාන්තා වෘත්තීය සමිතිවලට ද ජාතික කම්කරු උපදේශක සභාවේ ප්‍රමාණවත් නියෝජනයක් ලබාදෙමින් කාන්තා වෘත්තීය සමිති තුනක නියෝජිතයන් තිදෙනෙක් පළමු වරට මෙම සභාවට සුවිශේෂි කරුණකී.

ඉකුත් රජය සමයේ ආරම්භ කෙරුණු සේවා නියුක්ති පනත (Employment Act) කෙටුම්පත් කිරීමේදී වෘත්තීය සමිතිවල අදහස් විමසීමකින් තොරව එම කටයුත්ත සිදු කෙරුණු බවට වෘත්තීය සමිතිවලින් ප්‍රබලව චෝදනා එල්ල විය. මෙහිදී කම්කරු අමාත්‍යවරයා අවධාරණය කළේ නව රජයේ ප්‍රතිපත්තිය හා දැක්මට අනුව නැවත එම කෙටුම්ත අධ්‍යයනය කොට අවශ්‍ය සංශෝධන ද සිදු කොට සේව්‍ය – සේවක දෙපාර්ශවයේ එකඟතාවය ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන බවයි.

අපනයන ක්ෂේත්‍රයේ කර්මාන්ත සඳහා මෙතෙක් ක්‍රියාත්මකව පැවති දින පහේ වැඩ සතිය කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගේ නියමන්ට සහ අනුමැතියට යටත්ව ජනවාරි මස පළමු වැනිදා සිට ඉදිරි මාස හය සඳහා දීර්ඝ කිරීමට ද කම්කරු උපදේශක සභාවේ අනුමැතිය මෙහිදී හිමිවිය. දින පහේ වැඩ සතිය ක්‍රියාත්මක වීමේදී මතුවන ගැටළු සමාලෝචනය කිරීම සඳහා සේව්‍ය – සේවක සහ රජය යන පාර්ශව තුන නියෝජනය කරමින් එක් පාර්ශවයකින් නියෝජිතයන් දෙදෙනා බැගින් නියෝජිතයන් හය දෙනෙකුගෙන් සමන්විත අනු කමිටුවක් පත්කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.

මෙම රැස්වීමට කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්.පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් අශෝක ජයසුන්දර, සහ ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන සේව්‍ය – සේවක දෙපාර්ශවයේ නියෝජිතයන් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments