සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්වඩාත් ගුණාත්මක විදේශ රැකියා පුහුණුවන් සදහා පෞද්ගලික පුහුණු ආයතන දැනුවත් කරයි….

වඩාත් ගුණාත්මක විදේශ රැකියා පුහුණුවන් සදහා පෞද්ගලික පුහුණු ආයතන දැනුවත් කරයි….

විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමික ප්‍රජාවට ගුණාත්මක පුහුණුවක් ලබා දීම පිළිබදව විදේශ රැකියා පුද්ගලික පුහුණු ආයතන දැනුවත් කිරීමේ වැඩසටහනක් (16) කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එම පුහුණු මධ්‍යස්ථානවල නිලධාරීන් ක්‍රියා කල යුතු ආකාරය, පුහුණු ලාභීන් සදහා ලබාදිය යුතු පහසුකම් සම්බන්දවත් ඒ ලබා දෙන්නා වූ පහසුකම් ඉහළම තත්වයෙන් ලබා දිය යුතු බවත් මෙහිදී දැනුවත් කරන ලදී. දැනට පවතින පුහුණුව වඩාත් විධිමත් අයුරින් ලබා දීම හා ජාත්‍යන්තරයට ගැළපෙන ආකාරයට ශ්‍රමික ප්‍රජාව බලගැන්වීමද මෙමගින් බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු (ගෘහස්ථ) අංශය විසින් සංවිධානය කරන ලද මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) සජිත් චාමින්ද, පුහුණු (ගෘහස්ථ) අංශයේ කළමනාකරු ආනන්ද ප්‍රේමසිරි යන මහත්වරුන්ද, දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන පෞද්ගලික පුහුණු මධ්‍යස්ථාන 33 ක නිලධාරීන් සහ කාර්යාංශ නිලධාරීන් රැසක් වැඩසටහනට සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments