සිංහල සිනමාවට සම්මාන රැසකින් පිදුම් ලද ” මෝට බයිසිකල් ” සමගින් ” සිහින නෙළුම්මල් ” ඉදිරිපත් කල සම්මානනීය චිත්‍රපට අධ්යක්ෂ ශමීර නාඔටුන්න තිර රචනය හා ගීත රචනය ලියමින්, සිය තෙවන නිර්මාණය ලෙසින් අධ්‍යක්ෂණය කරන නවතම සිනමා නිර්මාණය ” වයිෆ්” චිත්‍රපටයේ වැඩ කරයුතු පසුගිය දා සුභ මොහොතින් ආරම්භ කෙරිණි. .
තරුණ විවාහක යුවලක් වන මාධව සහ නිර්මලාගේ ජීවන අරගලයත් , දරුවෙකු පිළිබඳව දෙදෙනා දකින සිහින අතර දෝලනය වීමත් හා ප්‍රධාන රැකියාවට අමතරව අතිරේක ආදායම් මාර්ගයක් සොයා යාමේදී මාධව මුහුණ දෙන අනපේක්ෂිත මෙන්ම සංකීර්ණ ගැටළු හමුවේ , ඔවුන්ගේ පවුල් සංස්ථාව තුල ඇතිවන ව්‍යාකූලතා ද , නොබිදී නොගිලිහී සිය ජීවිත සෙනෙහස ආදරය පෙරදැරිව පවත්වාගෙන යාමට දරණ අනුකම්පා සහගත උත්සාහයේ ඉරණමයි වයිෆ් තුලින් විවරනය වන්නේ . මාධව හා නිර්මලා ලෙසින් හේමාල් රණසිංහ සමගින් උදාරී වර්ණකුලසූරිය රංගනයේ යෙදෙන මෙහි දිනෙත් ද සිල්වා , උමා අශේනි , සුලෝචනා වීරසිංහ , වීණා ජයකොඩි , ලක්ෂ්මන් මෙන්ඩිස් , ප්‍රියන්ත සෙනෙවිරත්න ,නෙතලී නානායක්කාර , ප්‍රියන්ත ලලිත්, ටීනා ශනෙල් , හිරුණි රණසිංහ, රුක්ෂානා දිසානායක ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් මේ සඳහා දායකව ඇත.වරුණ අරඹගේ නිෂ්පාදනයක් වන ” වයිෆ්” කැමරාකරණයෙන් චින්තක සෝමකීර්ති , අංග රචනයෙන් බුවණෙක රණවක , කලා අධ්‍යක්ෂණයෙන් ධම්මික හේවාදුවත්ත , ශබ්ද පරිපාලනයෙන් අරුණ ප්‍රියන්ත කළුආරච්චි , සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් තිස්ස සුරේන්ද්‍ර , සංගීත අධ්‍යක්ෂණයෙන් චිත්‍රාල් සෝමපාල ද , සහය අධ්‍යක්ෂණයෙන් ප්‍රසන්න විජේසිංහ , නිෂ්පාදන කළමනාකරණයෙන් හැරල් කරුණාරත්න , විධායක නිෂ්පාදනයෙන් සංජීව ප්‍රනාන්දු , ඇඳුම් නිර්මාණයෙන් මාදවී දසනායක , ගීත ගායනයෙන් රෝහිත ජයලත් සමගින් චිත්‍රාල් සෝමපාල හා නිශ්චල ඡායාරූපකරණයෙන් අමල් රෝස් ” වයිෆ් ” සඳහා නිර්මාණශීලි දායකත්වයෙන් එක්වී සිටිිිති.



ඇන්ටන් ජේ. ප්‍රනාන්දු