26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රටට අයවිය යුතු බිලියන 05ක බදු මුදල රටට ලැබිලා නැති බව සමස්ත...

රටට අයවිය යුතු බිලියන 05ක බදු මුදල රටට ලැබිලා නැති බව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය පෙන්වාදයි.

කොළඹ වික්‍රමපාල

ඒ් ඒම සංගමය ඉකුත්දින කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු එම සංගමයේ සාමාජිකයින් මෙසේද පැවසූහ….
ආනයනික පොල් තෙල් ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් ආරක්ෂා කරන්න රජයේ ඉහළ පුටුවල ඉන්න මේ බලධාරීන් මේ කතාව නැවත සැරයක් යට ගහන්න ලෑස්ති වෙනවා
අද මේ රටට අයවිය යුතු බිලියන 05ක ඒ බදු මුදල රටට ලැබිලා නෑ, මේ ලැබිච්ච නැති මේ බදු මුදල නැවත ලබාගන්න නම් මේ ආනයනකරුවෝ කීපදෙනයි ඉන්නේ ඔවුන්ගෙන් මේක ලබාගන්න ඉතාමත් පහසුයි මොකද මේ ආනයනය ඔවුන් රේගුව හරහා ආනයනය කරලා තියෙනවා අඩු බදු මුදලක් ගෙවලා ආනයනය කරලා තිබෙනවා ඒක පිරිපහදු කරාට පස්සේ ලංකාවට ගෙව්වේ සියයට 18යි දෙකයි දශම පහයි බදු බිලියන 05ක වන බද්ද නොගෙවීමෙන් මේ රටට වෙලා තියෙන මේ හානිය අපේ දේශීය කර්මාන්ත පද්ධතිය විනාශ වෙන්න මේක කටයුතු වෙලා තියෙනවා. මේ දේශීය කර්මාන්ත පද්ධතිය දිගින් දිගටම කඩා වැටෙන ප්‍රධානම හේතුව තමයි මේ ආනයනකරුවන් කීපදෙනෙක් මේ දූෂිත නිලධාරීන් කොටසක් එක්ක මේ කරගෙන යන මේ ව්‍යාපෘතිය මේ ව්‍යාපෘතිය හින්දා අපේ දේශීය කර්මාන්ත පද්ධති විනාශ වෙලා තියෙනවා. ඒ විනාශ වීමෙන් ප්‍රතිඵලයක් හැටියට දේශීය පාරිභෝගිකයාට පිරිසුදු පොල්තෙල් ටික කන්න හැකියාවක් නැතිවෙලා තියෙනවා අද වනකොට මේ රටේ දේශීය පාරිභෝගිකයාට මේ රටේ හැදෙන පොල් ගෙඩිය කන්න බැහැ. ඒ රටේ හැදෙන පොල් ගෙඩියෙන් හදන තෙල් ටිකක් කන්න බෑ. මේ ටික අපනයනය කරලා ඩොලර් ඕනේ කියලා දේශීය පාරිභෝගිකයාට විස කවන්න තමයි දැනට මේ ප්‍රතිපත්ති ආර්ථික ක්‍රමය රටේ හැදිලා තියෙන්නේ කියලා මම වගකීමකින් කියනවා.

අපගේ සංගමය කාරක සභාව අද දින පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා හමුවීමට ගියා මේ හමුවීමේදී අපි එතුමාට ප්‍රකාශ කරලා සිටියා අද දේශීය පොල්තෙල් කර්මාන්තය ඉදිරියට යාමට නොහැකිව අපේ කර්මාන්තකරුවන් බංකොලොත්භාවයට පත්වෙලා අපගේ සේවක මඩුල්ල පාරට අද වැටිලා ස්වයං රැකියාවක් හැටියට කරගෙන ගියපු අපේ ව්‍යාපෘතිය වසර ගානක් කරගෙන මේ ව්‍යාපාරය මුළු මනින්ම විනාශ වෙලා තියෙන තත්වෙකට ඇවිල්ලා තියෙන බව එතුමාට කිව්වා. අපි එතුමාට පැහැදිලිව වා ප්‍රකාශකලා අද මේ අවස්ථාව වනද මෙම හේතුවට ප්‍රධානම කාරණා වුණේ අපේ රටේ තිබෙන අස්වභාවික ආර්ථික ප්‍රතිපත්ති මේ ආර්ථික ප්‍රතිපත්තිවල කීපදෙනෙක්ව නලවන්න කීපදෙනෙක්ට අධික ලාභ ලබා ගන්න බහුතර ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය බහුතර කර්මාන්ත පද්ධතිය උකසට තියලා මේ රටේ ආනයනකරුවන් කීපදෙනෙක් කෝටි ප්‍රකෝටි ගනන් හම්බ කරන තත්ත්වයකට උදා වීලා තියෙන්නේ අනිවාර්යෙන්ම සමහර දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය මීට පෙර සිටිය දේශපාලනඥ බලධාරීන්ගේ සහයෝගය නිසා මේ තත්ත්වය ඇතිවෙලා තියෙනවා කියලා අපි එතුමාට පැහැදිලි කරා මේ අවස්ථාව වෙනකොට මේ ආනයනකරුවෝ මේ අවස්ථාවේදී බිලියන 5ක කෝටි 5000ක කරලා තිබෙන බදු වංචාව මේ රටට හිමි විය යුතු බදු වංචා ගැන අපි හෙළිදරව්වක් කරා. මේ හෙළිදරව්වේ දී ඊළඟ අදිරිය හැටියට අපි දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගියා ඔවුන්ව දැනුවත් කරා ආනයන කරුවන්ගේ විස්තර අපට දැනගන්න ලැබුණා. මෙම
ආනයනයට අවශ්‍ය කරන දත්ත එම දෙපාර්තමේන්තුවට පැහැදිලිවම නැති බව පොල් සංවර්ධන අධිකාරිය දැනුවත් කළා මේ ආනයනය සම්බන්ධව සියලුම දත්ත එතුමන්ලාගේ අපි අධිකාරියේ තියෙනවා ඇයිද දත්ත දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලබාදීමට කටයුතු නොකරන්නේ ඇයි කියලා අපි එතුමාලාගෙන් ඇහුවා
අදවෙනකොට මෙම රාජ්‍ය ආයතන දෙකක තිබෙන තොරතුරු හුවමාරු නොකිරීම නැති හින්දා එක ආයතනක තියෙන තොරතුරු අනික් ආයතනයට ලබා නොදෙන හින්දා අපි වගේ කර්මාන්ත කඩා වැටිලා තියෙනවා මේ කුමන්ත්‍රණකාරීන් විදේශීය ආයතන වලට සම්බන්ධ මේ ආනයනකරුවන් ප්‍රකෝටි ගණන් මුදල් බදු වංචා කරන්නේ මෙන්න මේ පණිවිඩ හුවමාරු කර ගැනීමේ දුර්වලතාවය නිසා. අපි මේ අවස්ථාවේදී කියනවා වගකීමකින් මේ දුර්වලතාවය ඇතිවීමට සමහර පුටුවල ඉන්න ඉහල ගණයෙන් රාජ්‍ය නිලධාරිනුත් මෙම බහුජාතික සමාගම් වලට සම්බන්ධ යම් කිසි ක්‍රමයක් තියෙන්න ඕන කියන එක අපි තරයේ විශ්වාස කරන බව මේ අවස්ථාවේදී අපි කියනවා තවද මේ අවස්ථාවේදී අපි දැක්කා ගරු අමාත්‍යතුමා කර්මාන්ත අමාත්‍යතුමා කියනවා අපේ කර්මාන්ත පද්ධතියට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ලංකාවේ නැති නිසා මේවා පිටරටින් ආනයනය කරන්න රජය තීරණයක් අරගෙන තියෙනවා. ඒ තීරණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා කියලා මේ අවස්ථාවේදි අපි කියන්න ඕන කොහොමත් ලංකාවේ ඔක්තෝම්බර් මාසේ ඉඳන් පෙබරවාරි මාසේ වෙනකන් අඩු කෘෂි භෝග නිෂ්පාදනය පොල් නිෂ්පාදනය ඒ බෝග අඩුවෙන කාලෙදි කොහොමත් මාර්තු අප්‍රේල් මාස ලංකාවට අවශ්‍ය කරන පොල් ටික ලැබෙනවා එතකොට මේ තීරණ අරගෙන අමුද්‍රව්‍ය ලංකාවට ගේන අවස්ථාව වන විට දේශීය වගාවේ පොල් ඵලදාව ලැබෙන කාලේ වෙන්න පුළුවන්. නැවත ඒ කාලේ වෙනකොට අපේ කර්මාන්ත පද්ධතියම බැංකු වලට සින්න වෙලා අපේ කර්මාන්ත පද්ධතිය විනාශ වෙලා ඉවරයි අපි ගරු ඇමතිතුමාට කියනවා ඉල්ලා සිටිනවා කරුණාකරලා අමුද්‍රව්‍ය ආනයනය කරනවා නම් ඔබතුමන්ලා ඒ තීරණය ගන්නවා නම් වහාම කඩ්නමින් තීරණය ක්‍රියාත්මක කරන්න කියලා අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා එතුමාගේ ක්ලීන් ශ්‍රී ලංකා කියන ව්‍යාපෘතියෙනි රටේ තිබෙන සියලුම අවභාවිතාවන් දූෂණ වංචාවන් විනාශ කරන්න ඉවත් කරන්න කටයුතු කරන මෙන් අපි දැක්කා
අපි දැක්කා මේ ඊයේ පෙරේදා බස් වල කෑලි ත්‍රීවිල් වල කෑලි ගලවනවා නමුත් අපි ඔබතුමාට එතුමාගේ ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී කළ යුත්තේ ඒක නෙමෙයි මේ රාජ්‍ය ආයතනවල සම්බන්ධ වෙලා ඉන්න දූෂිත නිලධාරීන්ව පළවෙනියෙන්ම එලවා දමිය යුතුයි. පළමුවෙන්ම තීරණය ගත යුතුයි මේ කටයුතු ක්‍රියාත්මක කරලා ඉවර වෙලා මෙම පද්ධතිය ක්ලීන් කලොත් විතරයි මේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන් මේ රටේ ක්‍රියාත්මක කරන නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ කියලා අපි පැහැදිලිව කියනවා
ගෙනියන්න හොඳම උදාහරණය තමයි පාරිභෝගික අධිකාරිය පනත අනුව පොල්තෙල් මේ රටේ විකුණනවා නං මේ රටට ගේන පොල්තෙල් වල ලේබල් ලෝ නීතිය අනිවාර්යෙන් ක්‍රියාත්මක කළ යුතුයි. අමු අමුවේ මේ ලේබල් ගහන්නේ නැතුව අමු අමුවේ මේ අපිරිසුදු කෘතිමව පිරිපහදු කරපු තෙල් මේ දේශීය වෙළඳපොලේ විකුණනකොට ස්වභාවික පොල්තෙල් නිෂ්පාදන කරන අපි වගේ ආයතනවල නිෂ්පාදන අපිට විකුණගන්න බැරිවෙලා ඩොලර් එකේ තියෙන විනිමය අනුපාතය අනුව අපට අද පොල් ගෙඩියක් ගන්න වෙලා තියෙන්නෙ කිලෝ එක රුපියල් 240 කට වගේ මුදලකට රුපියල් 240 ක මුදලකට අපි කිලෝ එකක් ගත්තහම පොල්තෙල් කිලෝ එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 1350ක් විතර යි අපට නිෂ්පාදන වැයක් දරන්න සිදුවෙනවා අද දේශීය වෙළඳපොලේ ආනයනය කරන ලද කෘතිමව පිරිපහදු කරපු රසායනික ද්‍රව්‍ය මිශ්‍රිත තෙල් උවමනා තරම් තිබෙනවා රුපියල් 780
760 අතර ගන්න එතකොට දේශීය පාරිභෝගිකයා පොල්තෙල් වල වෙනස දන්නේ නෑ. ඔවුන් ආහාරයට ගන්නේ කෘතිමව පිරිපහදු කළ රසායනික ද්‍රව්‍ය මිශ්‍ර කරපු තෙල් කියන එක ඔවුන් දන්නේ නෑ. මේ අහිංසක ජනතාව
මේ බෝ නොවන විනාශකාරී ලෙඩ රෝග හැදිලා මේ අපේ රටේ තිබෙන බෝනොවන ලෙඩදුක් වැඩිවීමට ප්‍රධාන හේතු වුණේ මෙන්න මේ කාරණා කියන එක අපි කියන්න ඕන මේ අවස්ථාවේදී අපි කියනවා ඉල්ලා සිටිනවා මෙම පද්ධතිය ඉදිරියට කරාගෙන යෑමට නම් අනිවාර්යෙන් මේ දූෂිත නිලධාරීන් ටික අයින් කරලා මේ රටට අවශ්‍ය කරන්නත් ක්‍රියාමාර්ග දේශීය පාරිභෝගික ආරක්ෂා කිරීමට ප්‍රධාන වශයෙන් මේ රජය තීරණයක් ගත යුතුයි .

මෙහිදි තුෂාර විජේසිංහ සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ කැඳවුම්කරුද අදහස් දැක්වූයේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments