21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට ජපානයේ අධ්‍යාපනයට හා රැකියාවලට ඇරයුම් කරනවා-නව ජපාන තානාපති...

ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට ජපානයේ අධ්‍යාපනයට හා රැකියාවලට ඇරයුම් කරනවා-නව ජපාන තානාපති ඉසොමතා අයිකෝ (Isomata Aiko) මහතා

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්ව බැඳීම අඛණ්ඩව ඉදිරියට ගමන් කරන බවත්,එම බැඳීම ශක්තිමත් කරමින් ජපානයේ අධ්‍යාපනය ලැබීමට සහ රැකියා අවස්ථා සඳහා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට පැමිණෙන ලෙස ශ්‍රී ලංකාවේ නව ජපාන තානාපති ඉසොමතා අයිකෝ (Isomata Aiko) මහතා ආරධනා කරයි.

ජපානයේ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරය වන ජපානයේ සවරා ලංකා ජී විහාරාධිපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන් බැහැදැකීමට මලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයට ජපන් තානාපතිතුමා පැමිණි අවස්ථාවේ ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන ආගමික, සංස්කෘතික හා ආර්ථික සහෝදරත්වය අඛණ්ඩව ඉදිරියට පවත්වා ගෙන යන බවත්, ජපානය තුළ පවතින උසස් අධ්‍යාපන අවස්ථා සා රැකියා අවස්ථාවන් සඳහා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට පැමිණෙන ලෙස තානාපති මෙහි දී ලාංකිකයන්ට විවෘතව ආරාධනා කළේය.එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ජපාන රජය අඛණ්ඩව තම සහයෝගය ලබා දෙන බවද ඒ මහතා මෙහි දී පැවසීය

මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා බෝධි විහාරයට1956 ජපානයේ එවකට ඔටුන්න හිමි රජ කුමාරිය වූ මිකාසා කුමරිය මුල්ගල තැබූ අවස්ථාවේ දුර්ලභ ඡායාරූපයක් සහ දැනට ආනන්ද බාලිකා විද්‍යාල භූමියේ ඇති එතුමිය තැබූ මුල්ගල ජපන් තානාපතිතුමාට පෙන්වමින් ඒ පිළිබඳ පුවත බානගල හිමියෝ ඔහුට මෙහි දී සිහිපත් කළහ.
මෙහි දී ඉන්දියාවේ ශකිල් සිද්ධිකී (Shakil Siddiqui) මහතා රචිත බානගල උපතිස්ස නා හිමියන්ගේ චරිතාපදානය “අංජලිකරණීයෝ” ග්‍රන්ථය ද ජපානයේ වාසය කරන තලංගල්ලේ සෝමසිරි හිමියන් සිංහල බසට පරිවර්තනය කරනු ලැබු ජපන් ග්‍රන්ථ සහ ජපන් බසට පරිවර්තනය කරන ලද සිංහල ග්‍රන්ථ කට්ටලයක් ද තානාපතිතුමාට මෙහි දී ප්‍රදානය කළේය.
මෙම අවස්ථාවට ජපානයේ සවරා ලංකා ජී විහාරවාසී කොස්වත්තේ පාලිත හිමි,මොට්ටුන්නේ අංගීරස හිමි අග්‍රශ්‍රාවක මහා විහාරයේ තේවාව භාර අම්බුළුගල සුමංගල හිමියෝ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ උප සභාපති වසන්ත ද සිල්වා මහතා,අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික අනිල් සී ද සිල්වා මහතා,අම්බපාලි සිකුරාජපති මහත්මිය ද එක් වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments