22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsපොඩි තිළිණගේ බඩු ලොකු තිළිණගේ ගෝලයකු ළඟ තිබි පොඩි තිළිණගේ බඩු ලොකු...

පොඩි තිළිණගේ බඩු ලොකු තිළිණගේ ගෝලයකු ළඟ තිබි පොඩි තිළිණගේ බඩු ලොකු තිළිණගේ ගෝලයකු ළඟ තිබි එස්.ටී.එෆ්. අත්අඩංගුවට-

ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමෙකු වන පොඩි තිලණ නැමැත්තාට අයත් රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකකට ආසන්න ප්‍රමාණයක් ජාවාරමි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි අයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජේෂ්ඨ පොලිස් අධිකාරී සේනාධීර මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ජයවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරික්ෂක මාරසිංහ මහතාගේ මෙහෙයවීම මත පොලිස් පරික්ෂක ඊ.ඒ.ඩබ්. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) හංවැල්ල පොලිස් වසමේ නිරිපොල ප්‍රදේශයේ දී වැටලීම් සිදුකර ඇත.

එහි දී ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු වන පොඩි තිලණ නැමැත්තාට අයත් රුපියල් කෝටි තුනහමාරක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකකට ආසන්න ප්‍රමාණයක් හා මුදලින් රුපියල් ලක්ෂයක් ඔහුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ඔහුගේම සහෝදරයෙකු වන ලොකු තිලිණ නමැත්තාගේ ගෝලයෙකු ජාවාරමි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments