21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සමාජ මාධ්‍යවල අනවසරයෙන් සිංහල චිත්‍රපට පෙන්නුවොත් වැඩවරදියි -ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ...

සමාජ මාධ්‍යවල අනවසරයෙන් සිංහල චිත්‍රපට පෙන්නුවොත් වැඩවරදියි -ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය

ශ්‍රී ලාංකේය සිනමා නිර්මාණ අනවසරයෙන් සමාජ මාධ්‍ය ජාලාහි මෙන්ම අන්තර්ජාලයේ පළ කිරීම මෑත කාල වකවානුවේ දී බහුලව දැකගත හැක. DubHubLK.net යන වෙබ් අඩවියේ ඒවායින් ප්‍රධාන තැනක් ගත්තේ සිංහල චිත්‍රපට 350කට අධික සංඛ්‍යාවක් අනවසරයෙන් එනම් චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගෙන් හෝ අධ්‍යක්ෂවරයාගෙන් නිසි අවසරයක් ලබා නොගෙන එහි පළ කොට තිබීම හේතුවෙනි.

මේ පිළිබඳ ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය නීති ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ අතර අදාල චිත්‍රපටවල අධ්‍යක්ෂවරුන්ගෙන් හෝ නිෂ්පාදකවරුන්ගෙන් අවශ්‍ය ලිපි එකතු කරගත් සංසදය ජාතික බුද්ධිමය දේපල කාර්යාලය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිල්ලකර ලැබුවේ ඉකුත් සතියේය. අදාල පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සංසදයේ සභාපති උදයකාන්ත වර්ණසූරිය මහතා , ලේකම් සුනෙත් මාලිංග ලොකුහේවා මහතා සහ භාණ්ඩාගාරික සුරංග ද අල්විස් මහතා යන අය සහභිගි වූහ.

පැමිණිල්ල ඉදිරිපත් කර පැය විසිහතරක් ගතවීමටත් පෙර DubHubLK.net යන වෙබ් අඩවියේ පළ කර තිබු සිංහල චිත්‍රපට සියල්ලම ඉවත් කරගෙන තිබුණී. සාර්ථක සිංහල චිත්‍රපටයක් නිර්මාණය කිරීම සඳහා රුපියල් ලක්ෂ සීයක සිට රුපියල් ලක්ෂ දහසක් දක්වා වියදම් විය හැකියි. එසේ නම් කිසියම් පුද්ගලයකු මිනිත්තු කීපයක් එවැනි චිත්‍රපටයක් වෙබ් අඩවියක හෝ සමාජ මාධ්‍ය ජාලයක පළ කරන්නේ නම් එය ඉතා බරපතල සොරකමකී.

මින් ඉදිරියට ද කිසියම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් සිංහල චිත්‍රපට එලෙස අනවසරයෙන් වෙබ්අඩවිවල හෝ යුටියුබ් ඇතුළු සමාජමාධ්‍ය ජාලාවල පළ කරන්නේ නම් ඒ පිළිබඳ දැඩි ක්‍රියාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය කටයුතු කරන බව සංසදයේ සභාපති උදයකාන්ත වර්ණසූරිය මහතා ප්‍රකාශ කරයි.

අන්ටන් ජේ. ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments