22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂකයින්ට ළඟදීම අයිස් ක්‍රීම් ?

ශ්‍රී ලාංකේය සිනමා ප්‍රේක්ෂකයින්ට ළඟදීම අයිස් ක්‍රීම් ?

ප්‍රවීණ නිර්මාණවේදී,චිත්‍රපට හා ටෙලිනාට්‍ය රංගන ශිල්පි ප්‍රදීප් ධර්මදාස විසින් අධ්‍යක්ෂණය කල ප්‍රථම සිනමා වෘත්තාන්තය “අයිස් ක්‍ර්‍රීම් “චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වීම (21) සිදුකෙරිණි.

එම චිත්‍රපටයේ රංගන හා කාර්මික ශිල්පීන් , මාධ්‍යවේදීන් සහ විශේෂ ආරාධිතයින් විශාල පිරිසක් ඉදිරියේදී මෙම කාර්ය සුභ මොහාතින් සිදුවිය .කල්පාන්විත ලෝකයත් යථාර්ථයත් අතර අතරමං වූ , රැකියා විරහිත පැල්පත් නිවාසවාසි සෙල්ලක්කාර තරුණයකුගේ ජීවන චර්යාවන් සහ ඔහුගේ මනසේ විචිත්‍රවත් වන විවිධ චරිත පිළිබඳ දිගහැරෙන , නුදුරේදීම තිරගත වීමට නියමිත ” අයිස් ක්‍රීම්” චිත්‍රපටයේ , හේමාල් රණසිංහ , බිමල් ජයකොඩි, රොෂාන් රණවන , අයිශාරා අතුකෝරාළ , සරත් කොතලාවල , ජයලත් මනෝරත්න ,දමිතා අබේරත්න ,රුක්මල් නිරෝෂ් , වීණා ජයකොඩි ,මධුශාන් නානායක්කාර , චින්තක වාස් , ආනන්ද කුමාර උන්නැහේ , කෝරළගේ සමන් , අංජන ,දයා තෙන්නකෝන් ,ප්‍රේමරත්න , චමිලා පීරීස් ඇතුළු ප්‍රවීන රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායකව ඇත . කලණ ගුණසේකරගේ තිර රචනයකට අනුව නිර්මාණය වූ මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන් චින්තක සෝමකීර්ති , සංස්කරණයෙන් රුක්මල් නිරෝෂ් , සහය අධ්‍යක්ෂණයෙන් චාමර සේලාර , අංග රචනයෙන් නාරද ධනංජි තොටගමුව , කලා අධ්‍යක්ෂණයෙන් රුවන් මලිත් පීරීස් ,වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩ , සංගීත අධ්‍යක්ෂණයෙන් කසුන් කල්හාර, ගීත රචනයෙන් මංජුල වෙඩිවර්ධන , ගීත ගායනයෙන් කසුන් කල්හාර , කුෂාණි සඳරේඛා සහ ශේන් සිං ඇතුළු පිරිසක් දායකවි ඇති ” අයිස් ක්‍රීම්” කෝකිලා විතානගේ සමගින් දුමින්ද පියරත්න එක්ව නිෂ්පාදනය කර ඇත .

මෙය ඉතාමත් නුදුරේම තිරගත කිරීමට නියමිතව ඇත .

ඇන්ටන් ජේ.ප්‍රනාන්දු .
ඡායාරූප – අනූප නෙත්සර

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments