සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්බහරේනයත් මිනිස් වෙළඳාම්කරුවන්ට එරෙහි වෙයි...

බහරේනයත් මිනිස් වෙළඳාම්කරුවන්ට එරෙහි වෙයි…

සංචාරක වීසා, රැකියා වීසා බවට පරිවර්තනය පෙබරවාරි 13 සිට තහනම්…

බහරේන් රාජ්‍යයේ රැකියා සඳහා සංචාරක වීසා මාර්ගයෙන් ඇතුළුවීම තහනම් කිරීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් පියවරගෙන ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. පෙබරවාරි (13) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නීතිය බලාත්මක කෙරේ.

ඒ අනුව මීට අදාළ නීති රෙගුලාසි බහරේන් රජය විසින් මේ වසරේ ජනවාරි 14 වන දින එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගෙන තිබේ. ඒ අනුව බහරේනයේ 1965 ආගමන විගමන පනතට ගෙන එන සංශෝධන අනුව කිසිඳු තත්ත්වයක් මත යම් විදේශිකයෙකු බහරේනයට ඇතුල්වීමේ වීසා බලපත්‍රයක්, රැකියා පදිංචි බලපත්‍රයක් බවට පරිවර්තනය කිරීමට අවසර ලැබෙන්නේ නැත.

මෙම තත්ත්වය මත බහරේනයේ රැකියා ලබාදෙන බවට ව්‍යාජ පොරොන්දු දී සංචාරක වීසා භාවිතා කරමින් එරට විශාල ප්‍රමාණයක් සිටින බව තානාපති කාර්යාලය නිරීක්ෂණය කර ඇත. මොනයම් හේතුවක් මත හෝ සංචාරක වීසා උපයෝගිකොටගෙන බහරේනයේ රැකියා ලබාගැනීමට විදේශ ගතනොවන ලෙස කාර්යාංශය විගමණික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments