26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ ක්‍රිකට් ශූරතාවය කළම්බු රයිඩර්ස් කණ්ඩායමට.

කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ ක්‍රිකට් ශූරතාවය කළම්බු රයිඩර්ස් කණ්ඩායමට.

අද කෝට්ටේ අංගම්පිටිය ක්‍රීඩා පිටියේදී පැවැත්වූ කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය දිනා ගැනීමට සංජීව ගාල්ලගේ නායකත්වයෙන් යුත් colombo riders කණ්ඩායම දිනා ගත්තා.

අනුසූරතාවය දිනාගනු ලැබුවේ colombo ඊගල්ස් කණ්ඩායමයි.කණ්ඩායම් හයක් මෙහිදී තරග වැදුනා .අවසන් තරඟයට Colombo Riders and Colombo eagle යන කණ්ඩායම් තරඟ වැදුණා.

මෙහිදී පළමුවෙන් පන්දුවට පහර දුන් colombo riders කණ්ඩායම over තුනකදී ලකුණු 23 ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo ඊගල්ස් කණ්ඩායමට ලබාගත හැකි වූයේ ලකුණු 22ක් පමණයි. ඒ අනුව colombo රයිඩ්ස් කණ්ඩායම එක් ලකුණකින් තරඟය ජයග්‍රහණය කළේය.

දක්ෂතම පන්දු යවන්නා ලෙස colombo ඊගල්ස් කණ්ඩායමේ නුවන් යසංඟ,හොඳම පිතිකරු ලෙස ප්‍රදීප් වික්‍රමසිංහ colombo riders,තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා උදිත මහේශ් colombo egirls

ජයග්‍රාහී colomboraiders කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ සංජීව ගාල්ලගේ.

කුසලාන ප්‍රදානය සිදු කිරීම හිටපු කතානායක හිටපු ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අතින් සිදුවු අතර අනෙකුත් ත්‍යාග ප්‍රදානයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා තවත් ආරාධිතයන් රැසක් අතින් සිදුවූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments