27 C
Sri Lanka
Monday, June 23, 2025
HomeUncategorizedගණේමුල්ල සංජීවට අධිකරණය තුලදීම වෙඩී.

ගණේමුල්ල සංජීවට අධිකරණය තුලදීම වෙඩී.

ගණේමුල්ල සංජීවට අධිකරණය තුලදීම වෙඩී තබයි. වෙඩික්කරු සිසිටිවි දර්ශනවලින් හඳුනාගනී.

උසාවියට පැමිණ ඇත්තේ නීතිඥවරයෙක් ලෙසයි. මින් පසු නීතිඥවරුත් සෝදිසියට ලක්කළ යුතුයි ඒ නීතිඥ සංගමයේ සහය ඉල්ලා සිටින බව එම ස්ථානයට පැමිණි පොලිස් පති මාධ්‍ය වෙත පැවසීය. මෙම ස්ථානයට අධිකරණ ඇමැති, මහජන ආරක්ෂ නියෝජ්‍ය ඇමැතිද පැමිණියහ.

අද (19) උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ දී සිදුවු මෙම වෙඩිතැබීමෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තා ජීවිතක්ෂයට පත්වුණි.

නේපාලයේ කත්මන්ඩු නුවර සිට ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් 2023 වසරේ සැප්තැම්බර් 13වන දින කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ගණේමුල්ල සංජීව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුව බුස්ස බන්ධනාගාරයේ සිට නඩු කටයුත්තක් සඳහා අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත රැගෙන ආ අවස්ථාවේ දී මෙම වෙඩිතැබීම සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේය.

මනුෂ්‍ය ඝාතන 19ක් සම්බන්ධයෙන් මේ වනවිට ගණේමුල්ල සංජීවට චෝදනා එල්ල වී ඇති අතර, ඔහු පාතාල කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වේ.

කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ පියා ඝාතනය කිරීමේ චෝදනාව ගණේමුල්ල සංජීවට එල්ල වී තිබුණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments