
සිය නිර්මාණ ඔස්සේ සම්මාන රැසක් දිනාගෙන ජනතා ජය හරසර මැදින් කලාදිවියේ ඉදිරියට යන ප්‍රදීප් ධර්මදාසගේ සිය කුළුඳුල් සිනමා නිර්මාණය ලෙසින් ‘අයිස් ක්‍රීම් ‘ සිනමාපටය ලබන (06)එම්.පී.අයි. මණ්ඬලයේ සිනමාශාලාවල ප්‍රදර්ශනය කෙරේ.
කල්පාන්විත ලෝකයත් යථාර්ථයක් අතර අතරමංවු ‘දුදු‘ නැමැති චරිතයක් කේන්ද්‍ර කර ගනිමින් දිගහැරෙන අයිස්ක්‍රීම් ප්‍රධාන චරිතයට අමතරව අතුරු චරිත රැසකින් සමන්විතයි. පැල්පත් නිවාස සංකීර්ණයක ජීවත්වන දුදු ස්ථීර රැකියාවක් රහිත එදා වේල සොයාගන්නා පුද්ගලයකී. සොරකම ඔහුට ක්‍රීඩාවකී. කලහකාරි අවස්ථාවලදි රජිනිකාන්ත් මෙන් සටන් වදින අතර යථාර්තයට පත්වන විට අසීමිතව ප්‍රහාරයට ලක්වෙයි. දුදු එදිනෙදා ජීවිතයේදී මුහුණපාන සුවිශේෂි වු සිදුවීම් චිත්‍රපටයක දැක්වෙන රූපපෙලක්සේ ඔහුගේ චිත්ත අභ්‍යන්තරයේ මැවේ. එසේම ඔහුගේ සිහින රැජිනියවු වෙරෝනිකා නෙත ගැටෙන විටදී ඉන්දීය රොමැන්තික ප්‍රේමවන්තයකු මෙන් නර්තනයේ යෙදේ. ජොන් ඩෙප් බෘෘස්ලි මෙන් ක්‍රියාදාම ජවනිකාද ඔහුගේ සිහින ලෝකය තුල දිග හැරේ.
අයිස් ක්‍රීම් චිත්‍රපටය ප්‍රදීප් ධර්මදාසගේ අධ්‍යක්ෂණය, නිෂ්පාදනය කෝකිලා විතානගේ, දුමින්ද පියරත්න, තිරරචනය කලණ ගුණසේකර, කැමරා අධ්‍යක්ෂණය චින්තක සෝමකීර්ති,සංස්කරණය රුක්මල් නිරෝෂ්,කලා අධ්‍යක්ෂණය රුවන් මලින් පීරිස්,වර්ණ සංයෝජනය දිනිඳු ජාගෝඩ, සංගීත අධ්‍යක්ෂණය කසුන් කල්හාර, ගීත රචනය මංජුල වෙඩිවර්ධන, ගීත ගායනය කසුන් කල්හාර, කුෂානි සඳරේකා,ෂේන් සිං.
සහය අධ්‍යක්ෂණය චාමර සේලාර, සටන් අධ්‍යකෂණය සමන් ඔසඳ බණ්ඩාර,නැටුම් නිර්මාණය අවන්ත ආටිගල අංඟ රචනය නාරද ධනංගි තොටගමුව , ශබ්ද සැලසුම් කරණය තරුපති මුණසිංහ, ශබ්ද පරිපාලනය සුනන්ද මෙත්තසිංහ,නිෂ්පාදන කළමනාකරණ ජීවන මනරම් කෝදාගොඩ.






