සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්අභ්‍යාස පොත් මිල අඩුකිරීමට නිෂ්පාදකයින් සමග සාකච්ඡාවක්..

අභ්‍යාස පොත් මිල අඩුකිරීමට නිෂ්පාදකයින් සමග සාකච්ඡාවක්..

අභ්‍යාස පොත් උසස් තත්වයෙන් සාධාරණ මිලක් යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම සදහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් අභ්‍යාස පොත් නිෂ්පාදන ආයතන සමඟ සාකච්ඡාවක් පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් විය.

කාලීනව සිදු වූ විදුලි බිල, විනිමය අනුපාතය හා ඉන්ධන මිල වෙනස්වීම හේතු කරගෙන නිෂ්පාදන පිරිවැය අඩු වීමේ වාසිය පාරිභෝගිකයා වෙත ලබා දීම සම්බන්ධව සාකච්චා කිරීම සදහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ පොත් නිෂ්පාදන ආයතන කිහිපයක් වන ඇට්ලස්, රිචඩ්, නාලක, අකුර ,විරෝධාර ,SPC හා දුමිදු යන ආයතන සමග පසුගිය ජනවාරි (17) සහ ඉකුත් (19) සාකච්ඡා වට දෙකක් පවත්වා ඇත .

කාලීනව, භාණ්ඩවල නිෂ්පාදන වියදම අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබාදීම සදහා අවශ්‍ය මැදිහත්වීම වෙනුවෙන් වෙළඳපොළ වැටලීම්, විමර්ශන සිදුකිරීම මෙන්ම සහ අදාල ආයතන සමග නිරන්තර සාකච්චා පැවැත්වීමද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය අඛණ්ඩවම සිදුකරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments