පළාත් පාලන මන්ත්‍රීවරයාගේ කාර්ය භාර්ය වගේම එම ප්‍රදේශයේ ඡන්දදායකයාගේ කාර්ය මෙම මැතිවරණයේදී සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ අදහස් දැක්වීමක් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගෙන් හා පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ රෝහණ හෙට්ටිආරචිචි යන මහත්වරුන් සිදුකළහ.
පැෆ්රල් සංවිධානය විසින් සංවිධානය කල තවත් සුවිශේෂී තරඟයක ජයග්‍රාහකයින් වෙනුවෙන් සහතිකපත් හා ත්‍යාග ලබාදීමේ උත්සවයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.
පළාත් පාලන සහිකයින්ගේ ධාරිතාව මැනීම වෙනුවෙන් වන ජංගම දුරකතන යෙදවුමක් නිර්මාණය කිරීමට අදාල හොඳම සැලැස්ම ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙම තරගය පැවති අතර ඊට තනි පුද්ගල හා කණ්ඩායම් වශයෙන් විශාල පිරිසක් තරඟ වැදින. මෙම උත්සවයේ වම තරඟය සඳහා සහභාගි වූ පුද්ගලයින් හා කණ්ඩායම් අතරින් පළමු දෙවන හා තෙවන ස්ථාන හිමි කරගත් පිරිස් වෙත සහනිකපන් හා ත්‍යාග ලබාදීම සිදු වූ අතර මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොෂ් මහතා , පැෆ්රල් සංවිධානයේ විධායකත්වය රෝහණ හෙට්ටිආරච්චි , මැතිවරණ කොමිසම් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක ඇතුලු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වුණා.
දේශීය මුලපිරීම් සඳහා කැනඩා අරමුදලේ (The Canada Fund for Local Initiatives -CFL) සම්පත්දායකත්වයෙන් පැෆ්රල් සංවිධානය විසින් දියන් කල ව්‍යාපෘතියකට සමගාමීව සංවිධානය කර තිබූ මෙම තරඟය සංවිධානය කර තිබු යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමෙහිලා පැෆ්රල් සංවිධානය විසින් අඛණ්ඩව සිදුකරගෙන යනු ලබන වැඩසටහන් අතර සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.
මෙම තරඟයේ ප්‍රථම ස්ථානය හිමිකරගත් ජයග්‍රාහකයාට / කණ්ඩායමට සිය සැලැස්ම ජංගම දුරකතන යෙදවුමක් ලෙස වර්ධනය කරගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදීමට ද අප අදහස් කරන අතර එය පළාත් පාලන ක්ෂේත්‍රවේ සුවිශේෂී කඩ ඉමක් සනිටුහන් කරනු ඇත.
පැෆ්රල් සංවිධානයේ විධායකත්වය රෝහණ හෙට්ටිආරච්චිය…..
තාක්ෂණය පුරවැසියා අවධි කිරීමට කෙසේ භාවිතා කළ යුතුද ? ජනතාව දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.
@ තාක්ෂණය බද්ධ කරගෙන සමාජය වගකීම සිදු කරන්නේ කෙසේද ?
@ පළාත් පාලන මැතිවරණය තරුණ නියෝජනය අලුත් කෝටාවකින් හඳුන්වා දී තිබෙනවා.
@ තරුණියන් තාක්ෂණයත් සමග රට ඉදිරියටම මෙහෙවීමට සූදානම්.
@ පළාත් පාලන මැතිවරණය ඕනෑ වෙලාවක කැඳවිය හැකියි. 80700 පසුගිය පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකත්වය ලබා තිබුණා.
@ දැන් අලුත් නාම යෝජනා ඉදිරිපත් කළ යුතුයි.
@ නියෝජිතයන් ලෙස තෝරා ගත හැකි 8000 ක් පමණයි.
@ පුරවැසියා ලෙස කවුරුන් තෝරා ගන්නේ ද යන්න පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. වගකීමක් තිබෙනවා.
- මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක
කාලීන මාතෘකාවක් පිළිබඳව කතා කිරීම පිළිබඳ සංවිධානයට හා කැනඩානු මහ කොමසාරිස් කාර්යාල ස්තූතිවන්ත වෙනවා.
@ පළාත් පාලන ආයතන වල කාර්යභාරය කුමක්ද ?
@ විවිධ වූ ආයතන බිහිකර තිබුණාට හිම ආයතන වලින් සිදුවන්නේ කුමක්ද ?
@ නිලධාරීන්ට හා පාලකයන්ටත් නිසි අවබෝධයක් තිබෙනවාද ?
@ තෝරාගත් අපි කියන්නේ මොනවද කරන්නේ ?
@ තාක්ෂණය භාවිතා කළ මහජනතාවට අවශ්‍ය සේවාව ලබාදීම ඉතාම වැදගත්.
@ අද පළාත් පාලන ආයතන වලින් සිදුවිය යුතු කාර්ය ඉටුවන්නේ නෑ.
@ මෙම වැඩසටහන තුළින් තාක්ෂණය භාවිතා කර ඔවුන්ට ඒ මතක් කර දෙනවා.
@ මෙම පද්ධතීන් පළාත් පාලන ආයතන වල කාර්යභාරය නිසි ඇගයීමකට වැදගත් වෙනවා.
@ නිසි දත්ත නොතිබීම නිසා මහජන සේවාවන් නිසියාකාරයෙන් ඉටු වන්නේ නැහැ.
@ මෙවැනි පද්ධතියක් තුළින් එම අඩුපාඩු සකසා දෙනවා. මෙම වැඩසටහන ඉතා හොඳ ආරම්භයක්.
@ මහජන නියෝජිතයන් ප්‍රශ්න කළ යුතුයි.
@ නැවත කැඳවීමේ ක්‍රමවේදයක් අපේ මැතිවරණ ක්‍රමය තුළ නැහැ.
@ ඒවා හඳුන්වා දිය යුතුයි මැතිවරණ ක්‍රමයට.
@ අපේ රටේ පාරිභෝගිකයෝ පුරවැසියෝ කරන්න මෙවැනි දේ භාවිතා කළ යුතුය.
@ පුරවැසි වගකීම පිළිබඳ අවබෝධ කරගැනීම ජනතාවගේ යුතුකමක්.
@ එය විධිමත් අධ්‍යාපනය තුළින් කළ යුතුයි. පුරවැසිය අධ්‍යාපනය අපේ රටේ බාස්කට් සබ්ජෙට් එකක්.
@ පුරවැසි අධ්‍යාපනයට මීට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුයි.