29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ගුවන් තොටුපොළ විවෘත වේ

ගුවන් තොටුපොළ විවෘත වේ

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා තැබුණු කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ අද (21) සිට යළි සංචාරකයින් සඳහා විවෘත කෙරුණි.

එළෙස ගුවන් තොටුපොළ විවෘත කෙරුණේ මාස 10කට පසුවය.

සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සංචාරකයින්ට දිවයිනට පැමිණිමට අද සිට අවස්ථාව හිමිවන බව ගුවන්සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සඳහන් කළේය.

ගුවන් තොටුපොළ විවෘත කිරීමත් සමග දිවයිනට පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් විශේෂිත සෞඛ්‍ය මාර්ගෝපදේශ ප්‍රකාශයට පත්කර ඇති අතර සංචාරකයින් හරහා කොවිඩ් රට තුළට පැමිණීම වළක්වාලීම සඳහා ආරක්ෂිත ක්‍රමවේද රැසක් හඳුන්වා දී තිබේ.

කොවිඩ් පළමු රැල්ලේ ව්‍යාප්තියත් සමග ඉකුත් වසරේ මාර්තු 17වනදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමුණි.

ඒ වන විට මෙරටින් කොවිඩ් ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වූ අතර කිසිදු කොවිඩ් මරණයක් වාර්තා වූයේ නැහැ.

එහෙත් මාස 10කට පසු සංචාරකයින් සඳහා අද මෙරට ගුවන් තොටුපොළ යළි විවෘත කෙරුණේ පනස්පන්දහසක් පමණ ආසාදිතයින් සහ 274 ක් වූ මරණ වාර්තා වන අභියෝගාත්මක පසුබිමකය.

‍කෙසේවෙතත් පැමිණෙන සංචාරකයින් සහ ගුවන් තොටුපළට පැමිණෙන ‍සෙසු මගීන් වෙන්කර ගැනීමේ නව ක්‍රමවේදයක්ද එහිදී සකස් කර තිබේ.

ඒ අනුව පැමිණෙන සියලුම මගීන්ගේ මෙන්ම සේවකයින්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන බව ගුවන්සේවා හා අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා සඳහන් කළේය. 

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments