22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeකලා පුවත්රයිගම් ටෙලීස් ජාතියේ ටෙලිසම්මාන උළෙල විසි එක්වන වරටත් අභිමානවත් අයුරින්.....

රයිගම් ටෙලීස් ජාතියේ ටෙලිසම්මාන උළෙල විසි එක්වන වරටත් අභිමානවත් අයුරින්…..

අනුර ප්‍රේමලාල්

රයිගම් ටෙලීස් ජාතියේ මහා ටෙලි මංගල්‍ය විසිඑක්වන වරටත් අභිමානවත් අයුරින් කොළඹ ෂැංග්‍රීලා හෝටල් පරිශ්‍රයේදී ඉකුත්(29) පැවැත්විණි.

ප්‍රවීණ සිනමාවේදී පරාක්‍රම නිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල විද්වතුන්,ජ්‍යෙෂ්ඨ කලාකරුවන්,මාධ්‍යවේදීන්ගේ සහභිගිත්වයෙන් පැවැති මෙම මහා මංගල්‍ය අනුග්‍රහක ආයතනවල ප්‍රධාන නිලධාරි මහත්ම මහත්මීන් හා ද කිංඩම් ඔෆ් රයිගම් ආයතනයේ සභාපති ආචාර්ය රවි ලියනගේ මහතා ඇතුළු සියලු නිලධාරින්ද ඇතුළු සංවිධායකයින්ගේ මෙහෙයවීමෙන් කලා තරු පිරිවරා මෙම සම්මානනීය උත්සවය වර්ණවත් හා සංගීත යෙන්ද සුපෝෂණය කර තිබුණු අයුරු එහි පැමිණි සියලු දෙනාගේම නෙත සිත පිනවන අපූරු සැඳෑවක් විය.

මෙහිදි වසරේ විශිෂ්ටතම නළුවා ලෙස බැක්සයිඩ් ටෙලි නාට්‍යයේ නාරදගේ චරිතය රඟපෑ ප්‍රියන්ත සිරිකුමාර, වියළි ටෙලිනාට්‍ය යේ මාලාගේ චරිතයට පණ පෙවු තරින්දි ප්‍රනාන්දු වසරේ විශිෂ්ටතම නිළියට හිමි සම්මාන දිනාගත්හ.

වසරේ සම්මානනීය නාලිකාව ජාතික රූපවාහිනය, වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍යය වියළි, වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය චන්දන ඉරුගල්බණ්ඩාර.

වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නළුවා උද්දික ප්‍රේමරත්න, ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිිලිය දිනක්ෂි ප්‍රියසාද්, ජනප්‍රිතම ටෙලිනාට්‍ය පාට කුරුල්ලෝ.

වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා සරත් කොතලාවල ( වියළි), වසරේ විශිෂ්ටතම සහය නිලිය චන්දිමා කරුණාදාස (වියළි),වසරේ නැගි එන නළුවා මන්රුච් සිරිවර්ධන ( මීයා), වසරේ විශිෂ්ටතම නැගි එන නිලිය වත්සලා ජයසිංහ (සුසුම් රස්තියාදුව).

මේ අතර ජීවිතයේ එක්වරක් ලබාගත හැකි ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ට , මාධ්‍ය වේදීන්ට උපහාර පිදෙන උත්තමාචාර සම්මාන කිහිපයක් ප්‍රදානයද සිදුකෙරිණි ඒ අතර පුවත්පත් කලාවේදී සමන්ත යහම්පත් මහතා වසර තිහක මාධ්‍ය ජීවිතය සඳහාද, ප්‍රවීණ කැමරා ශිල්පි කේ.ඩි.දයානන්ද මහතා , ප්‍රවීණ මාධ්‍ය වේදී පාලිත පෙරේරා මහතාට වසර හැට දෙකක මාධ්‍ය ජීවිතය වෙනුවෙන් මුදල් හා සම්මාන ලබාගත්හ. සම්මානලාභීන්ට මුදල් හා රක්ෂණාවරණ තිළණද ලැබීම මේ සම්මාන උලළේ විශේෂත්වයක්විය.

රයිගම් ටෙලීස් හඳුන්වාදුන් සුවිශේෂි සම්මාන කුලකයක්වූ වඩාත් ජනගත සම්මාන සඳහා මෙවර නළුවා නිළියද ඇතුළත් කර තිබීමද විශේෂවූහ. ඒ අනුව වඩාත් ජනගත ටෙලිනාට්‍ය නළුවා සජිත ඇන්තනී හා වඩාත් ජනගත නිළිය මිෂෙල් දිල්හාරා සම්මාන ලැබූහ. වඩාත් ජනගත ටෙලිනාට්‍යය පාට කුරුල්ලලෝ, වඩාත් ජනගත රූපවාහිනි වැඩ සටහන සිරස ලක්ෂපති,වඩාත් ජනගත රූපවාහිනි නාලීකාව ටිවි දෙරණ, වඩාත් ජනගත රූපවාහිනි ප්‍රවෘත්ති විකාශය හිරු ටීවි.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය තිරරචනය චින්තන ධර්මදාස (මීයා), වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය ගයාන් ගණකධාර(සුසුම් රස්තියාදුව), වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව අභිෂේකා විමලවීර (Take care),වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගායකයා තුසිත් සිම්සන් (වියළි) , වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ශබ්ද පටිගත කිරීම හිමාල් කරුණාතිලක (මීයා), වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය ගීත රචනය ලක්ෂාන් වත්තුහේවා (බැක්සයිඩ්),

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය කැමරාකරණය චරිත් අබේසිංහ (චන්ඩි කුමාරිහාමි), වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලිනාට්‍ය මොහොතකට පෙර, වසරේ විශිෂ්ටතම ටෙලි චිත්‍රපටය ලාවණ්‍යා , වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංගරචනය බුවනෙක රණවක (චන්ඩි කුමාරිහාමි), වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය සංස්කරණය සමන් ඇල්විටිගල / ලක්රුවන්ද සේරම් (මීයා), වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂණය මනෝජ් වික්‍රමසිංහ ( මීයා).

වසරේ සම්මානනීය ටෙලිනාට්‍ය නාලිකාව ස්වාධීන රූපවාහිනිය, වසරේ සම්මානීය මාධ්‍ය වැඩසටහන් නාලිකාව ටිවි දෙරණ, වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රවෘත්ති විකාශය අද දෙරණ 6.55, වසරේ නිර්මාණාත්මක රූපවාහිනි රියැලිටි වැඩසටහන සුපර් හීරෝ (සිරස ටි.වි.).

වසරේ විශිෂ්ටතම රූපවාහිනි සම්ප්‍රවේශක(සිංහල සාරංග දිසාසේකර(හිරුටීවි), වසරේ නිර්මාණාත්මක වරලත් රූපවාහිනි වැඩසටහන Sri Lanka Got Talent,වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදිකා තෙරුණි ආශ්චර්යා කරුණාරත්න (TV1),වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදක (සිංහල) නජිත් මාතරගේ(ස්වාධීන රූපවාහිනිය),වසරේ විශිෂ්ටතම රූපවාහිනි සංගීත වැඩසටහන ක්‍රිස්මස් WITH Pereras(ටිවි දෙරණ),වසරේ විශිෂ්ටතම රූපවාහිනි ක්‍රීඩා වැඩසටහන ක්‍රිකට් ගමට (ජාතික රූපවාහිනිය),වසරේ විශිෂ්ටතම රූපවාහිනි කථිකා වැඩසටහන Rebuild Sri Lanka(ටිවි දෙරණ), වසරේ විශිෂ්ටතම රූපවාහිනි පුවත් විශේෂාංගය සියත ටෙලිවැකිය-ඔවාදෙනු පරාට ( සියත ටීවි), වසරේ විශිෂ්ටතම ළමා වැඩසටහන පුංචි අපේ ශ්‍රද්ධා, වසරේ විශිෂ්ටතම රූපවාහිනි සම්ප්‍රවේශක ඉංග්‍රීසි නවේෂා ගුණසේකර(TV1),වසරේ විශිෂ්ටතම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදිකා (දමිළ) ක්‍රිස්ටිනා රත්නම්(ශක්ති ටීවි), වසරේ විශිෂ්ටතම රූපවාහිනි සම්ප්‍රවේශක (දමිළ) ප්‍රනීතා කෝනේෂ්වරන් (නේත්‍රා ටීවි),වසරේ විශිෂ්ටතම රූපවාහිනි නිවේදිකා (සිංහල) ෆාතිමා නස්රිනා නසාර් (ස්වර්ණවාහිනිය), වසරේ විශිෂ්ටතම රූපවාහිනි සඟරාමය වැඩසටහන සංයුග(ජාතික රූපවාහිනිය), වසරේ විශිෂ්ටතම හඬකැවීම නිල් කුරුමිට්ටෝ (ටිවි දෙරණ), වසරේ විශිෂ්ටතම රූපවාහිනි වාර්තා වැඩසටහන වාරේ (ජාතික රූපවාහිනිය),වසරේ විශිෂ්ටතම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන ජීවිතියට විද්‍යාව (අද දෙරණ).

ජූරියේ විශේෂ කුසලතා ඇගයීම් The Living Legends ඉමේෂ් උදයාංඟ සදර්ලන්ඩ්, Take care රෙබේකා දිල්රුක්ෂි, වියළි සිළිඳු රංවල.
ජූරියේ කුසලතා සම්මාන සෙනෙහසේ ළමා දිනය අරුණ සොයිසා (ටිවි දෙරණ),හිරු CIA, හපන්නු අපි ගමේ රාජ්ජේ (ස්වර්ණවාහිනි),චන්ඩි කුමාරිහාමි චමුදි රෂ්මිකා (ළමා), අපි හසිත වැන්දබෝනා (විකුම්)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments