29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්රේගු වංචා සිදු කරන ආයතන සහ පුද්ගලයන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කිරීමට රේගුව තීරණය...

රේගු වංචා සිදු කරන ආයතන සහ පුද්ගලයන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කිරීමට රේගුව තීරණය කරයි.

*රේගු වංචා සිදු කරන ආයතන සහ පුද්ගලයන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කිරීමට රේගුව තීරණය කර තිබෙන බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් , රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කර ගැනීමට සහ රේගුව විසින් කරගෙන යනු ලබන නවතම ක්‍රියාමාර්ග වල එක් පියවරක් වශයෙන් රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ අනන්‍යතාව මහජනතාවගේ දැනගැනීම සඳහා රේගු වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට රේගුව තීරනය කර ඇත.

මෙවැනි පියවරක් මගින් චේතනාන්විතව බදු ගෙවීම පැහැර හරින්නන් අධෛර්‍යයට පත් කර, රජයට හිමිවිය යුතු නිසි බදු ප්‍රමාණය ගෙවීම සඳහා බදු ගෙවන්නන් පෙලඹවීම සහ ආනයන හා අපනයන නීති කඩකිරීම වැලැක්වීම තුලින් නීති විරෝධීව භාණ්ඩ දේශසීමාව හරහා රටට ඇතුල්වීම හා පිටකිරීම අවම කිරීම රේගුවේ බලාපොරොත්තුවයි.

රේගු ආඥා පනත යටතේ නිසි විමර්ශනයකින් පසුව පැවැත්වෙන පරීක්ෂණයකදී වරදකරුවන් වන පුද්ගලයන්ගේ සහ ආයතන වල විස්තර මෙසේ ප්‍රසිද්ධ කිරීමට කටයුතු කෙරේ.

එසේම මුදල් විශුධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ස්ථාපිත මුල්‍ය බුද්ධි අංශයේ මග පෙන්වීම මත මේ වනවිට ශ්‍රී ලංකා රේගුව විසින් මුදල් විශුධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ ඒකකයක් පිහිටුවා ඇති අතර ඉදිරියේදී රේගු වැරදි වලට සම්භන්දවන ආයතන සහ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම ඒකකය විසින් වැඩිදුර විමර්ශන පවත්වා සැකකටයුතු ආයතන සහ පුද්ගලයින් සම්භන්දයෙන් මුල්‍ය බුද්ධි අංශයට සහ අපරාධ පරීක්ෂන් දෙපාර්තමේන්තුවට දැනුම් දීමටද කටයුතු කරනු ඇත.

මෙම වසරේ ජූනි මාසයේ සිට මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති අතර http:/www.customs.gov.lk යන රේගු වෙබ් අඩවිය හරහා මෙම තොරතුරු මහජනතාවට දැනගත හැකි වන සේ ප්‍රසිද්ධ කෙරේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments