28.7 C
Sri Lanka
Saturday, May 10, 2025
Homeදේශීය පුවත්පානීය ජල බෝතල් වැඩි මිලට විකුණූ සුපිරි වෙළෙඳ සැලකට රුපියල් මිලියන දෙකක...

පානීය ජල බෝතල් වැඩි මිලට විකුණූ සුපිරි වෙළෙඳ සැලකට රුපියල් මිලියන දෙකක දඩ මුදලක්.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් දේශීයව නිෂ්පාදනය කරනු ලබන පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් 2025.04.01 දින සිට නියම කර ඇත.
ඒ අනුව මි.ලි. 500 පානීය ජල ‌බෝතලයක් රු.70/-ට ද ලිටර් 1 පානීය ජල බෝතලයක් රු.100/-ට ද ලිටර් 1.5 පානීය ජල බෝතලයක් රු .130/-ට ද ලිටර් 2 පානීය ජල බෝතලයක් රු .160/-ට ද ලිටර් 5 පානීය ජල බෝතලයක් රු .350/-ට ද අලෙවි කළ යුතුය.

යුනියන් පෙදෙසෙහි පිහිටි සුපිරි වෙළෙඳසැල් ජාලයකට අයත් ශාඛාවක දී ලිටර් 1 පානීය ජල බෝතලයක් රුපියල් 130/-ක මුදලකට අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් 2025.04.23 දින වැටලීමක් සිදු කරන ලදි.
ඒ අනුව අදාළ සමාගමට එරෙහිව 2025.05.08 දින අලුත්කඩේ අංක 5 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී නඩු පවරන ලද අතර අදාළ නඩුවේ දී එම සුපිරි වෙළෙඳසැල මගින් වරද පිළිගැනීමෙන් පසුව රුපියල් මිලියන 2ක දඩ මුදලක් ගරු අධිකරණය මගින් නියම කර ඇත.

එමෙන්ම පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ තවත් වෙ‌ළෙඳසැල් 5කට ද රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් ගරු අධිකරණය මගින් නියම කරන ලදි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පසුගිය මාසය තුළ පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධ වැටලීම් 138ක් පමණ කර ඇති අතර ඒ සම්බන්ධව නඩු පැවරීම් සිදු කරනු ලබන අතර තවදුරටත් වැටලීම් ක්‍රියාත්මක වේ.

එමෙන්ම සහල් සම්බන්ධව ද සිදුකරනු ලබන වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, පසු ගිය මාසය තුළ සහල් වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධව වැටලීම් 91ක් සිදු කර ඇති අතර තවදුරටත් අඛණ්ඩව වැටලීම් සිදු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments