29.1 C
Sri Lanka
Monday, May 12, 2025
Homeදේශීය පුවත්වසර දාඅටකින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදනය කටයුතු සිදුවි නෑ..

වසර දාඅටකින් දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රසම්පාදනය කටයුතු සිදුවි නෑ..

වසර කිහිපයක විගණන වාර්තා නිසි පරිදි ඉදිරිපත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව අසමත්වී ඇති බව කෝපා කමිටුව හමුවේ අනාවරණය විය.

එහිදී කමිටු සභාපතිවරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ දැඩි අකාර්යක්ෂමතාවයක් පවතින බවට චෝදනා කර සිටියේය.

විගණකාධිපති – “පසුගිය වසර 5ක විගණන කළමනාකරණ කමිටු රැස්වී නැහැ. විගණන විමසුම්වලට නිසි පරිදි පිළිතුරු දීලා නැහැ . විගණන කළමනාකරණ කමිටු රැස් නොවීම මේවා සාකච්ඡාකරලා නිවැරදි කිරීමට තියෙන අවස්ථාව මඟ හැරිලා තියෙනවා.” 

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර – මේ වසරේදී මේ රැස්වීම් 4ම පවත්වන්න මම පොරොන්දු වෙනවා 

“වාර්ෂික විගණන වාර්තා පාර්ලිමේන්තුවට දීලත් නැහැ. ඒ කරාණයත් බරපතළව තියෙනවා. ඔබතුමාලා  2020ට අදාළ වාර්ෂික වාර්තාව දීලා තියෙන්නේ 2023දී. එතකොට දුම්රිය දෙපාර්තමේන්තුව 2020, 2021, 2022 වාර්තාදීලා තියෙන්නේ 2023. එතකොට එතන බරපතළ පරිපාලන දුර්වලතාවයක් සහ අකාර්යක්ෂමතාවක් තියෙනවා. ආණ්ඩුව කුමක්වුවත් රාජ්‍ය නිලධාරීන් වගකීම් ඉටුකරන්න ඕනේ. එතකොට පැවැත් වූ වාර ගණන ගත්තොත් ඉතාම දුර්වල මට්ටමේ තියෙන්නේ.  විගණන විමසුම් 27කට පිළිතුරු දීලා නැහැ.” 

විගණන විමසුම් 27කට පිළිතුරු ලැබිලා නැහැනේ. දැන් ඉන්න ප්‍රධාන නිලධාරියාට ඊට පිළිතුරු දිය හැකිද?

දුම්රිය දෙපාර්තමේන්තුවේ  ප්‍රධාන මූල්‍ය නිලධාරි පී.ඩී.ආර්.එම්.දිවාමනී  – “පිළිතුරු ලබාදීම සඳහා යම් කාල පමාවක් තියෙනවා කියලා පිළිගන්නවා. මොකද දෙපාර්තමේන්තු 09ක් තියෙනවා ඒ උප දෙපාර්තමේන්තු 09යම එකතුවක් හැටියට තමයි අපි පිළිතුරු ඉදිරිපත් කරන්නේ. ඒ අවස්ථිවේදී පොඩි කාල පමාවක් තියෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments