22.5 C
Sri Lanka
Wednesday, May 14, 2025
Homeකලා පුවත්සුමිත්‍රා පීරීස්ගේ ගැහැණු ළමයි සිනමාපටය මෙවර කාන්ස් චිත්‍රපට උළලේදී රතු පලස...

සුමිත්‍රා පීරීස්ගේ ගැහැණු ළමයි සිනමාපටය මෙවර කාන්ස් චිත්‍රපට උළලේදී රතු පලස මත මෙම (17දා)ප්‍රදර්ශනය කෙරේ.

අනුර ප්‍රේමලාල්

ඒ අනුව මෙම මැයි මස 14 සිට 21 දක්වා පැවැත්වෙන 78වන කාන්ස් චිත්‍රපට උළලේදී රතු පලස මත ප්‍රදර්ශනය කිරීම සඳහා තෝරාගෙන තිබෙන අතර එය මෙම මස (17) ප්‍රදර්ශනය කෙරෙන බව ඉකුත්දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී කරුණු අනාවරණය විය.

මෙම අවස්ථාව ශ්‍රී ලංකා රජයට හිමිවු සුවිශේෂි අවස්ථාවක්වේ මෙම සුවිශේෂි අවස්ථාවට එම චිත්‍රපටයේ ප්‍රධාන නළුනිළි යුවළ ලෙස රඟපෑ වසන්ති චතුරාණි, අජිත් ජිනදාස,ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති, චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව,fisch foundation වෙනුවෙන් ප්‍රංශ තානාපති කාර්යාලය සම්බන්ධිකරණය කළ, ගාමිණි ෆොන්සේකා පදනමේ ප්‍රධානි දමිත් ෆොන්සේකා, ගැහැණු ළමයි චිත්‍රපටයේ ප්‍රතිෂ්ඨාපනය කාර්ය සඳහා පූර්ණ වගකීම් පැවරී තිබු ඉන්දියානු film heritage foundation හී සභාපති ශිවේන්ද්‍ර සිං දුන්ගපුර් හා එම කාර්ය සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගිවු ප්‍රවීණ ශබ්ද සැලසුම් ශිල්පි සසික රුවන් මාරසිංහ මහතා සහභාගිවීමට නියමිතයි.

ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවෙන් ශ්‍රී ලංකා ප්‍රංශ තානාපති කාර්යාලය හා සම්බන්ධිකරණ කටයුතු සිදුකළ දීප්ත බණ්ඩාර සිදුකර තිබේ. මෙය දේශීය සිනමාවේ වැදගත් සන්ධිස්ථානයක් සිනිටුහන් කරනු ඇත.

ප්‍රංශ , ඉන්දියා සහ ශ්‍රී ලංකා උරුමයන් සුරැකීමේ වැඩසටහන යටතේ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කළ ගැහැණු ළමයි චිත්‍රපටය ප්‍රංශ රජයේ පූර්ෂ මැදිහත්වීමෙන් ප්‍රතිෂ්ඨාපනය කර තිබේ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතා, ගැහැණු ළමයි චිත්‍රපටයේ ප්‍රධාන නිළි රංඟයේ යෙදුණු වසන්ති චතුරාණි මහත්මිය, ගැහැණු ළමයි චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂ හේමපාල ධර්මසේන මහතා, මෙහි සම්බන්ධිකරණ කටයුතු සිදුකළ දමිත් ෆොන්සේකා මහතා, ප්‍රංශ තානාපති කාර්යාලයේ සංස්කෘතික අධ්‍යක්ෂ ඔලිවියර් බෙලමියර් මහත්මිය, ලෙස්ටර් ජේම්ස් පිීරිස් පදනම වෙනුවෙන් ගයාත්‍රී මුෂ්ටාෂි මහත්මිය, එම සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි මුදල් හා පාලන ලංකා ධර්මවික්‍රම මහතා එක්වූහ.

1978 ලන්ඩන් චිත්‍රපට උළෙලේදී වසරේ විශිෂ්ටතම චිත්‍රපටය ලෙස පිළිගැනීමට ලක් වූ, ශ්‍රී ලංකා සිනමාවේ කිවිඳිය ලෙස හඳුන්වන ආචාර්ය සුමිත්‍රා පීරිස්ගේ මංගල චිත්‍රපටය, පන්ති භේදය හා සම්ප්‍රදාය අතර ගැටුමෙන් පීඩනයට පත් කළ ශ්‍රී ලාංකික ගම්මානයක තරුණ සහෝදරියන් දෙදෙනෙකුගේ හද කම්පා කරවන කතාවක්වේ. කාව්‍යමය කළු සහ සුදු නිරූපණය නව යොවුන් වියේ ආදරයේ සහ ආශාවේ ව්‍යාකූලත්වය සහ බිඳෙනසුළු බව මනාව ග්‍රහණය කර ගන්නා අතර, කුසුම් ලෙස 16 හැවිරිදි වසන්ති චතුරානිගේ කැපී පෙනෙන රංගනය සම්බන්ධයෙන් ප්‍රශංසනීය විචාරයක් කරමින්
“අඩු සහ සංයමයකින් යුතුව, දිලිසෙන කළු-සුදු රූප සහිතව, චිත්‍රපටය දුර්ලභත්වයකි, සමහර විට අද්විතීයයි, සම්පූර්ණයෙන්ම කාන්තා සංවේදීතාවයකින් යුත් කෘතියක් ලෙස ඩේවිඩ් රොබින්සන්, ලන්ඩන් ටයිම්ස් පුවත් පතේ ලිපියක් ලියා තිබේ.

“චිත්‍රපටයේ මූලික මනෝභාවය ශක්තිමත් කරන කලාත්මක නමුත් බාධා රහිත ඡායාරූපකරණය මගින් උද්දීපනය කරනු ලබන දිගු සාමකාමී දර්ශනවල අලංකාර ලෙස හසුරුවන ලැබු මෙම රූප චිත්‍රපටය අවසන් වූ පසුවත් බොහෝ කාලයක් රැඳී පවතී. සාම්ප්‍රදායික වටිනාකම් නූතන බලවේග සමඟ ගැටෙන එම දේශසීමා භූමිය තුළ පීරිස් ඇගේ තේමාව සකසා ඇත.

අලංකාර ලෙස රචනා කරන ලද රූප රාශියක් සහිත ගීතමය චිත්‍රපටයක් ලෙස රයින් නෙකාර් සයිතුං. විචාරයක් ලියමින් කියා තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments