සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeTOPරුපියල් මිලියන 460ක් වටිනා කුෂ් විදෙස් තරුණියක් සමග රේගු දැලේ..

රුපියල් මිලියන 460ක් වටිනා කුෂ් විදෙස් තරුණියක් සමග රේගු දැලේ..

මෑත ඉතිහාසයේ සිදුකළ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීමක් ශ්‍රී ලංකා රේගුව සිදු කරයි.

අනුර ප්‍රේමලාල්

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන නිලධාරීන් සිදුකරනු ලැබු විශේෂ වැටලීමකදී (12) පස්වරු 3.45 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 405 නැමැති ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් රේගු පරිශ්‍රය පසුකර යාමට උත්සාහ කිරීමේදී නවතා පරීක්ෂා කළ අතර ඇයගේ ගමන් මළු තුළ සඟවා තිබූ කුෂ් නැමැති මත්ද්‍රව්‍ය සොයා ගැනීමට හැකිවිය.

සොයාගන්නා ලද කුශ් මත්ද්‍රව්‍ය වල මුලු බර කිලෝ ග්‍රෑම් 46 ක් වන අතර සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සම්පූර්ණ වීදි වටිනාකම රුපියල් මිලියන 460කට ආසන්න වෙයි.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයෙන් සිදුකරනු ලැබු මත්ද්‍රව්‍ය වැටලීම් රාශියක් තුල ගුවන් තොටුපළ මෑත ඉතිහාසයේ සිදුකල විශාලතම කුෂ් මත්ද්‍රව්‍ය වැටලීම මෙය වන අතර රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්ගේ විමසිලිමත් භාවය නිසා ශ්‍රී ලංකාව තුළට ජාවාරම් කිරීමට උත්සාහ කළ මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
සැකකාරිය හා මත්ද්‍රව්‍ය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා සැකකාරිය හා මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත අද භාර දීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments