30.8 C
Sri Lanka
Tuesday, July 1, 2025
Homeකලා පුවත්සියලුම මව්වරුන්ට උපහාරයක් ලෙස " මදර් ලංකා " ළඟදීම..

සියලුම මව්වරුන්ට උපහාරයක් ලෙස ” මදර් ලංකා ” ළඟදීම..

සෑම වසරකම මැයි 11 වන දින සමරන ලෝක අම්මාවරුන් ගේ දිනයට සමාගාමීව , අනූෂ සංජීව එදිරිමුණි නිර්මාණය කල ” මදර් ලංකා ” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් අම්මවරුන් පිරිවරාගෙන පැවැත්වින. මේ එම අවස්ථාවේ තෙවන ඇසට හසුවූ ඡායාරූප එක්තුවකි.
අනපේක්ෂිත මොහොතක නොසිතු ලෙසින් ගැබ්ගත් දක්ෂ ක්‍රිඩිකාවක් වු ඇය , තමාගේ ලෙයින් උපන් දියණිය උස් මහත් කර ගැනීම සඳහා සියළු සැප සම්පත් අතැර කටුක මාර්ගයකට පිවිසෙයි. ඇයගේත් සිය දියණියගේත් සහයට එන්නේ ද තවත් සමාජයේ ගැරහුමට ලක්වූ ගැහැණියකි. ගැරහිලි , පීඩන හා දැඩි දරිද්‍රතාවයන් මැද කටුක මාවතක ජීවිතය දියකල දිරිය මවකගේ කතාවයි , ” මදර් ලංකා “
මෙහි රංගනයෙන් තරින්දි ප්‍රනාන්දු , ධනංජය සිරිවර්ධන , හඳුන්වාදෙන ශෙනුකි දිශල්‍යා , බිමල් ජයකොඩි , දිල්හානි අශෝකමාලා , සනත් ගුණතිලක , කළණ ගුණසේකර , හේශානි ලියදිපිට ඇතුළු රංගන ශිල්පීන් රැසක් දායකව ඇත. තිර රචනයෙන් ක්‍රිෂාන්ති කුලසූරිය , කැමරාකරණයෙන් රංග එස්. බණඩාර, අංග රචනයෙන් නයන උදිත්, කලා අධ්‍යක්ෂණයෙන් විහඟ දෙනුවන් , සහය අධ්‍යක්ෂණයෙන් නිරෝශන් එදිරිමාන්න , නිෂ්පාදන කළමනාකරණයෙන් ලක්රුවන් ලොකුහෙට්ටිආරච්චි හා සමූහ අධ්‍යක්ෂණයෙන් ලසන්ත ප්‍රැන්සිස් එක්ව ඇති ” මදර් ලංකා” ඉෂාන් පෙරේරා විසින් නිෂ්පාදනය කර ඇත .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments