සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeආගමිකජපානයේ ලංකාජී විහාරයේ වෙසක් පුණ්‍ය මහෝත්සවය මැයි 25 වෙනිදා .

ජපානයේ ලංකාජී විහාරයේ වෙසක් පුණ්‍ය මහෝත්සවය මැයි 25 වෙනිදා .

මහායාන බුදු දහමින් පෝෂිත ජපානයේ ඉදිකළ ප්‍රථම ථෙරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකාජී විහාරයේ වාර්ෂික වෙසක් පුණ්‍ය මහෝත්සවය මැයි මස 25 වැනිදා ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ලංකා ජී විහාරවාසී කොස්වත්තේ පාලිත හිමියෝ පවසති.

ථෙරවාදී සම්ප්‍රදායානුකූලව
ජපානයේ 41 වෙනි වරටත් පවත්වන වෙසක් පුණ්‍ය මහෝත්සවයේ දී උදෑසන සහ සවස ගිලන්පස බුද්ධ පූජා,උදෑසන සහ දහවල් සපිකරගත සංඝගත දක්ෂිණාවන්,බත් සහ තේ දන්සැල් ,ධර්ම දේශනා,බැති ගී ගායනා ඇතුළු ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසක් ලංකාජී විහාරයේ වෙසක් පුණ්‍ය මහෝත්සවයේ දී පැවත්වෙන වන බව කොස්වත්තේ පාලිත හිමියෝ පවසති.

මෙම සියලු පුණ්‍ය කටයුතු ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකික බෞද්ධයන් සහ සවරා ලංකාජී විහාරයේ දායක ජපන් බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බවත්,වාර්ෂික පවත්වන මෙම වෙසක් උත්සවය තුළින් ජපානයේ ජීවත්වන ලාංකේය දූ පුතුන්ට වෙසක් උත්සවය අර්ථවත් බව සහ විචිත්‍රවත් බව අවබෝධ කරදීම මෙන්ම ඔවුන් ඉදිරි වෙසක් උත්සව සඳහා සූදානම් කිරීම ද අපේක්ෂා කරන බව බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments