හෙළ සිනමා විජිතයේ රාජිනිය ලෙස කිරුළු පලන් මාලනී ෆොන්සේකා මහත්මිය (24)අභාවප්‍රප්තවුයෙන් අවසන් කටයුතු 26 කොළඹ 07 ටොරින්ටන් චතුරස්‍රයේදි සිදුකෙරේ. මෙම අවමංගල උත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිත සිදුකෙරෙන බව බුද්ධශාසන හා සංස්කෘතීක ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.
ඇයගේ 78වන ජන්ම දිනය වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකදී ඇය සඳහන් කළේ,
හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
1947 වසරේ අප්‍රේල් මස කැලණිය ප්‍රදේශයේදී වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා උපත ලබන අතර පසුකාලිනව ශ්‍රී ලංකාවේ සිනමාව දික්විජය කළ ඇය මාලනී ෆොන්සේකා නමින් ප්‍රසිද්ධියට පත්විය.
කැලණිය ගුරුකුල මහ විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරු මාලනී ෆොන්සේකා මහත්මිය අනතුරුව නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හැදෑරිය.
1963 වසරේ දී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය, 1968 වසරේදී පුංචි බබා චිත්‍රපටයෙන් සිනමාවට පිවියාය.
දහසක් සිතුවිලි, එයා දැන් ලොකු ළමයෙක්, නිධානය, ආදරේ හිතෙනවා දැක්කාම, තුෂාරා, මාතර ආච්චි, බඹරු ඇවිත්, අහස් ගව්ව, වීර පුරන් අප්පු, බැද්දේගම, උත්පලවන්නා, ඇතුළු චිත්‍රපට 150කට වැඩි සංඛ්‍යාවකට ඇය සිය රංගන දායකත්වය ලබා දුන්නාය.
සිංහල සිනමාවේ යුග තුනකට ප්‍රේමවන්තිය වූ මාලනී ෆොන්සේකා මහත්මිය සිනමාවට නැතුවම බැරි නිළියක් බවට පත්වූයේ මෙරට ප්‍රේක්ෂකයින්ගේ හදවත් තුළ ඉහළින්ම වැජඹෙමිනි.
විජය – මාලනී, ගාමිණී – මාලනී සහ රවීන්ද්‍ර – මාලනී යන යුග මෙරට රසික රසිකාවියන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.
රංගනයට පමණක් නොව චිත්‍රපට අධ්‍යක්ෂණය, තිර රචනය සහ නිෂ්පාදනයද ඇය විසින් සිදුකර තිබුණි.
එමෙන්ම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයටද එක්වූ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මිය පිටගම්කාරයෝ වැනි ටෙලි නාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වූවාය.
එමෙන්ම දමිළ චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වූ මාලනී ෆොන්සේකා මහත්මිය දෙමළ සිනමාවට එක්වූ පළමු ශ්‍රී ලාංකීය නිළිය බවටද පත්වූවාය.
මාලනී ෆොන්සේකා මහත්මිය අන්තර්ජාතික සිනමාවකදී සම්මානයට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික නිළිය ලෙස සැලකෙන අතර 1976 වසරේදී නව වැනි මොස්කව් අන්තර්ජාතික සිනමා උළෙලේදී ඇය ආචාර්ය ධර්මසේන පතිරාජගේ එයා දැන් ලොකු ළමයෙක් චිත්‍රපටය වෙනුවෙන් ගෞරව ඩිප්ලෝමා සහතිකයද දිනා ගත්තාය.
සරසවි, ජනාධිපති, ස්වර්ණ සංඛ, OCIC, සුමති වැනි සිනමා උළෙලවල්වලදී හොඳම නිළිය, ජනප්‍රියම නිළිය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන රැසකට හිමිකම් කීවාය.
පිට පිට වසර ගණනාවක් සම්මානයට පාත්‍ර වීමට ඇයට හැකි වූයේ ඇය ප්‍රේක්ෂක සිත් තුළ ඉතා ඉහළින්ම වැජඹුණු නිළියක් වූ නිසාවෙනි.
මාලනි ෆොන්සේකා මහත්මිය පිළිබඳව සිය මතකය ආවර්ජනය කරමින් ප්‍රවීන රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මහතා,
“අද අපිට දැනගන්න ලැබුණු මේ ශෝකජනක ප්‍රවෘත්තිය දේශීය සිනමාව සම්බන්ධයෙන් මෑත කාලයේ අප ඇසූ දුක්ඛදායකම ප්‍රවෘත්තිය කියලා මට හැඟෙනවා. මොකද අපට නැති වුණේ දේශීය සිනමාවේ නිළි රැජින කියනවාටත් වඩා එහාට ගිය මහේෂිකාව කියුවොත් වඩාත් නිවැරදියි.”