.විවිධ භාෂා සතකින් නිර්මාණය වූ ” Drishyam” චිත්‍රපට මාළාවේ දෙවන සිංහල දිගහැරුම ලෙසින් ” ධර්මයුද්ධය 2 ” සිනමා පටයේ සමාරම්භක මුහුරත් උළෙල පසුගියදා පැවැති අතර , මෙම මස තුළදීම එහි රූගතකිරීම් ආරම්භ කිරීමට නියමිතව ඇත . 2017 වසරේ තිරගතව ආදායම් අතින් ඉතාමත් සාර්ථක වූ මෙහි පළමු දිගහැරුම වෛයාර් රවි අධ්‍යක්ෂණය කල අතර , දෙවැන්න අරුණ ජයවර්ධන විසින් අධ්‍යක්ෂණය කරනු ලබයි.ප්‍රවීණ රංගනවේදී ජැක්සන් ඇන්තනි විසින් පණපොවන ලද හරිශ්චන්ද්‍ර නැමති ප්‍රධාන චරිතය සඳහා මෙවර බිමල් ජයකොඩි එක්ව ඇත. චන්න දේශප්‍රිය කැමරාකරණයෙන් එක්වන මෙහි අනුවර්තනීය පිටපත සහ නිර්මාණ සැළසුම්කරණය සුනෙත් මාලිංග ලොකුහේවා විසිනි. සෙසු රංගනයෙන් දිල්හානි අශෝකමාලා , තිසුරි යුවනිකා , විනුමි වන්සදී , කුසුම් රේණූ, ඩග්ලස් රණසිංහ , කුමාර තිරිමාදුර , අශාන් ඩයස් , ආනන්ද අතුකෝරාළ , දිනක්ෂි ප්‍රියසාද් , සනත් ගුණතිලක , නලින් ලුසේනා , කළණ ගුණසේකර , බුද්ධදාස විතානආරච්චි , මැල්කම් මචාඩෝ , මව්ලි ෆ්ර්ඩ්නැන්ඩු , හර්ෂිකා රත්නායක , තිලක්ෂිණී රත්නායක ඇතුළු ප්‍රවීණයන් පිරිසක් එක්ව ඇති අතර , විධායක නිෂ්පාදනයෙන් යසරත් කමල්සිරි , රේඛීය නිෂ්පාදනයෙන් ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායක, සංස්කරණයෙන් ශාන් අල්විස්,සහය අධ්‍යක්ෂණයෙන් රංජන් ප්‍රසන්න ,කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම , අංග රචනයෙන් ප්‍රියංකර රත්නායක , පසුබිම් සංගීත අධ්‍යක්ෂණයෙන් කෙෂාන් පෙරේරා , නිෂ්පාදන කළමනාකරණයෙන් මොහාන් රාමනායක , ගී තනු නිර්මාණයෙන් රවිහාන්ස් වැටකේපොත සහ කෙෂාන් පෙරේරා ද , විශේෂ ප්‍රයෝග සජීවීකරනයෙන් කසුන් චන්ද්‍රනාත් පතිරණ හා නිෂ්පාදන සම්භන්ධීකරණයෙන් මංජුල යටවතුර එක්ව ඇති “ධර්මයුද්ධය 2” සිරස මාධ්‍යජාලයේ නිෂ්පාදනයකි .






ඇන්ටන් ජේ ප්‍රනාන්දු. ඡායාරූප- තුෂාර ප්‍රනාන්දු