
මතකයේ නිදන්ගත ගීත රැසක් බිහිවූ 60′ දශකයේ පටන් සුභාවිත ගීතයෙන් හෙළ ගී කෙත පෝෂණය කරමින් , දශක හයකට අධික කාලයක් ශ්‍රී ලාංකේය වින්දනීය රසිකාගාරය සිය මධුර හඬින් අමන්දානන්දයට පත්කල ආචාර්ය වික්ටර් රත්නායක සහ ප්‍රියා සූරියසේන යන අති විශිෂ්ඨ ප්‍රවීණයන් දෙදෙනා වෙනුවෙන් සිරස එෆ්.එම්. පිරිනමන උපහාර තිළිණයයි ” චමත්කාර රාත්‍රිය ” සංගීත ප්‍රසංගය . ඔවුන් දෙදෙනාම සංගීත ක්ෂේත්‍රයට පිවිසියේ 60′ දශකයේ සේම , ඔවුන් ඉතාමත් සමීප ලෙන්ගතු මිතුරන් ද විය .සුන්දර ගේය කව්‍යයන් , මියුරු ස්වර රටාවන් හා එක්කරමින් ඔවුන්ටම ආවේනික වූ මධුර හඬින් ගැයූ ඒ මිහිරි ගී අද ද එදා සේම ජනප්‍රියව පවතී. ප්‍රියා සූරියසේනයන් මේ වන විට අපෙන් සමුගෙනය . ආචාර්ය වික්ටර් රත්නායකයන් පෙර සේ සංගීත ක්ෂේත්‍රය තුළ සක්‍රීයව කටයුතු නොකරන සමයක ඔවුන් ගැයූ මධුර ගී නොනැසී මතු පරපුරට රැගෙන යාමේ අරමුණ පෙරදැරිව සංවිධානය වන මෙම ප්‍රසංගය , එළැඹෙන අගෝස්තු 02 වන දින පස්වරු 6.30 ට මියුසියස් විද්‍යාලයීය රංග ශාලාවේදී ගීතවත් වනු ඇත . ප්‍රවීණ සංගීතවේදී මහේෂ් දෙනිපිටිය ප්‍රමුඛ වාද්‍ය වෘන්දයේ මියුරු සත්සර නදට , යෞවන හදවත් ආදරයෙන් වැළඳගත් නලින් පෙරේරා , සමිතා මුදුන් කොටුව , සංඛ දිනෙත් , නදීමාල් පෙරේරා , රයිනි චාරුකා , ඉරෝෂි සූරියසේන හා ලක්ෂිත සූරියසේන යන තාරුණ්‍යය දිනූ හඬවල් තුලින් , එම ප්‍රවීණයන් දෙදෙනාගේ ගීත ගැයෙනු ඇත . මෙම ප්‍රසංගය , ගෘහස්ථ මියැසි ප්‍රසංග කලාවේ අමතක නොවන මතක සටහන් රැසක් සනිටුහන් කල සිරස එෆ්.එම්. සාඩම්බර ඉදිරිපත් කිරීමකී.







ඇන්ටන් ජේ. ප්‍රනාන්දු