ආදරණීය මව්වරුන් වෙනුවෙන් ,
” මදර් ලංකා ” අගෝස්තු 14 වෙනිදා සිට තිරගත වේ.

” අම්මා ” කියන්නේ හැමදාමත් දුකට කඳුළට උරුමකම් කියන ගැහැණියක් පමණද ?බිළිඳු මුවකින් පිටවන ප්‍රථම වදනයි..මා…අම්මා යන්න. යුවතියක් ..බිරිඳක් මවක් යන්න සාමාන්‍ය සංසිද්ධිය වූවද , මෙහිදී හමුවන ශාලුට වුනේ වෙනස් ඉරණකට මුහුණ දීමටයි හැමදාමත් හැගීම් හමුවේ පරාජිත වෙන යුවතියෝ අනන්තයි අප්‍රමාණයි අන්ධ විස්වාසය නිසා . ජාතික තලයේ ක්‍රීඩා ශූරියක් වු ශාලු , ක්‍රීඩාව වෙනුවෙන් මුළු ජීවිතයම කැපකලා සේම , ආදරය වෙනුවෙන් දෙවරක් නොසිතා ක්‍රීඩාව අත් හැරීමටත් පසුබට නොවූ යුවතියක් . ඒ , සුහුඹුල් තාරුණ්‍යයේ දොරකඩදීම පිදූ ආදරයට, ඇය පෙරළා පැතූ සෙනෙහස අහිමිවීමේ හේතුවයි. එනමුදු අහිමි වූ ආදරයෙන් ලද ප්‍රතිඵලය සුරැකිව පෝෂණය කිරීමට මාතෘත්වයේ නාමයෙන් ශාලු දැඩි තීරණයකට පිවිසෙනවා . සුන්දර යෞවනියකට කිසි ලෙසකත් තනිව ගමන් කළ නොහැකි ඒ කටුක ගිරිදුර්ග මාර්ගයේදී ඇයට පිළිසරණක් වන්නේ , ජීවීතය ජීවත්කරවීම සඳහා ස්ත්‍රීත්වය වැළඳගත් සත්‍යා නම් මිතුරියයි. මෙකී අම්මාවරුන් දෙපොල එක්වී , විජයග්‍රාහි දැරියක බිහිකිරීමේ අතිශයින්ම අභියෝගාත්මක
ගමන අරඹයි . සමාජයේ සරදමටත් , ගැරහුමටත් ලක්වූ සත්යාටත් , අනපේක්ෂිත ජීවිත සරදමකට මුහුණදුන් ශාලු සහ දියණිය එමී ගේ කතාවයි ” මදර් ලංකා ” තුලින් ගෙන එනු ලබන්නේ .අනූෂ සංජීව එදිරිමුණි ගේ කුළුඳුල් අධ්‍යක්ෂණයෙන් එළිදකින ” මදර් ලංකා ” කතාව හා
තිර පිටපත ක්‍රිශාන්ති කුලසූරිය විසින් ලියා ඇත . කැමරා අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදන සැලසුම්කරණයෙන් රංග එස්. බණ්ඩාර , සහය අධ්‍යක්ෂණයෙන් නිරෝශන් එදිරිමාන්න , සංගීත අධ්‍යක්ෂණයෙන් එරංග ජයවර්ධන , වර්ණ සංයෝජනයෙන් ආනන්ද බංඩාර , ශබ්ද සංකලනයෙන් ශසික රුවන් මාරසිංහ , අංග රචනයෙන් නයන උජිත් , කලා අධ්‍යක්ෂණයෙන් විහඟ දෙව්වින් , ගීත රචනයෙන් සහ ගායනයෙන් අභිෂේකා විමලවීර , සංස්කරණයෙන් ඉන්ෆිනිටි කට්ස් , නිෂ්පාදන කළමනාකරණයෙන් ලක් රුවන් ලොකුහපුආරච්චි , සහකාර අධ්‍යක්ෂණයෙන් ලසන්ත ප්‍රැන්සිස් , කොන්ඩා සැකසුමෙන් සන්තුෂ් නිමේෂ් ඇතුළු පිරිසක් එක්ව ඇති ” මදර් ලංකා ” ඉෂාන් පෙරේරා විසින් නිෂ්පාදනය කර ඇති අතර , මෙය අයි.ඩබ්ලිව් හෝල්ඩින් සාඩම්බර ඉදිරිපත් කිරීමකි.
















ඇන්ටන් ජේ ප්‍රනාන්දු