20.5 C
Sri Lanka
Wednesday, October 22, 2025
Homeදේශීය පුවත්තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ජාතික තරුණ සේවා සභාව නිරීක්ෂණයට

තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ජාතික තරුණ සේවා සභාව නිරීක්ෂණයට

නව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ දිනිඳු සමන් කුමාර හෙන්නායක (14) ජාතික තරුණ සේවා සභාව නිරීක්ෂණයට එක් විය. එම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ද එක් විය.
මෙහි දී ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් හමු වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ අරමුණ දෙකක් නොවිය යුතු බවයි. මෙරට තාරුණ්‍යය වෙනුවෙන් පවතින ප්‍රධානතම ආයතනය ලෙස ජාතික තරුණ සේවා සභාව වර්තමාන තාරුණ්‍යයට ගැලපෙන තැනක් බවට පත් කළ යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අභියෝග කළමනාකරණය කරමින් ජාතික තරුණ සේවා සභාව වසරක කාලයක් තුළ නව පියවර ගණනාවක් තබා ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ ය.

එම හමුවෙන් පසු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරුන් සහ අංශ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් පැවැත්විය.මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති/ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ සුපුන් විජේරත්න ඇතුළු නිලධාරීන් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments