22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්2021 අයවැය යෝජනා යථාර්ථයක් බවට පත් කිරීම ආර්ථික පුනර්ජීවන කමිටුවේ ඉලක්කය

2021 අයවැය යෝජනා යථාර්ථයක් බවට පත් කිරීම ආර්ථික පුනර්ජීවන කමිටුවේ ඉලක්කය

මේ රටේ ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට 2021 අයවැය  යෝජනා යථාර්ථයක් බවට පත් කිරීම මෙම ආර්ථික පුනර්ජීවන කමිටුවේ ඉලක්කය බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ජාතික සම්බන්ධීකරණ ජීවනෝපාය අනු කමිටුවේ සභාපති කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. 

ඒ මහතා මේ අදහස් සඳහන් කළේ ඉකුත්  (17)ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ජාතික සම්බන්ධීකරණ ජීවනෝපාය අනු කමිටුව  බත්තරමුල්ල  මග නැගුම මහ මැදුර ශ්‍රවණාගාරයේ දී  දී  රැස් වු අවස්ථාවේදීය.  මෙය එහි  සභාපති කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රැස්විණි. 

මෙම රැස්වීම සඳහා නාමල් රාජපක්ෂ,ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරු සහ  අජිත් නිවාඩ් කබ්රාල්, ඩී.වී. චානක,සීතා අරඹේපොල, යන රාජ්‍ය  අමාත්‍යවරු ද මෙම අවස්ථාවට එක් වූහ.

එහිදි අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේද කීය........මේ රටේ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා 2021 අයවැය  යෝජනා වලින් ඉදිරිපත් කර නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඒ ඒ අමාත්‍යංශය ජීවනෝපාය සංවර්ධන වැඩසටහන් සැලසුම්කර එම අමාත්‍යාංශ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කර ඒවා සාර්ථකත්වයට පත් කිරීම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගම සමග පිළිසඳරක් වැඩසටහනේ දි ජනතාව විසින් ඉදිරිපත් කරන ලද ගැටලුවලට විසඳුම් ලබාදීමත් මෙම  අනු කමිටුවේ ප්‍රධාන කාර්යභාරයවේ. 


එමෙන්ම  සමෘද්ධි ව්‍යාපාරය දිගින් දිගටම සමෘද්ධි සහනාධාර  ලබා දෙමින් එම වැඩසටහන ආරම්භ කළ මුඛ්‍ය පරමාර්ථය වන දිළිඳු ජනතාව ආර්ථික වශයෙන්  සවිබල ගැන්වීමේ  අරමුණෙන් මේ වනවිට ඈත් වී ඇති බවයි.එම නිසා සමෘද්ධි ව්‍යාපාරය අපේක්ෂා කළ   අවසාන ප්‍රතිඵලය මේ දක්වා සමෘද්ධි ව්‍යාපාරයට ළඟා කර ගැනීමට නොහැකි වී ඇති බව නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙන්වා දුන් අතර එහි දී ඔහු කියා සිටියේ, තමන්ගේ වසමේ සමෘද්ධි ප්‍රතිලාභීන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට නොහැකි නම් එම සමෘද්ධි නිලධාරීන් පිළිබඳව තීරණයක් ගත යුතුවේ. 

පොහොසත් පුද්ගලයන් ද සමෘද්ධි දීමනා ලබන බවට පැමිණිලි ලැබෙන බැවින්  වර්තමාන සමෘද්ධිලාභීන් පිළිබඳ විගණනයක් කළ යුතු බවට මෙහි දී අමාත්‍යවරු  පෙන්වා දුන්හ.කෙසේ වුවත් සමෘද්ධි හා දිළිඳු පවුල් ලක්ෂ දෙකක් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා වත්මන් රජය රුපියල් මිලියන 10,000 ක් වෙන්කර ඇති බැවින් ඉතාම කඩිනමින් අයවැයෙන් යොජනා කර ඇති වැඩසටහන ආරම්භ කරන ලෙස මෙහි දී අමාත්‍යවරු  සමෘද්ධි නිලධාරීන්ට දන්වා සිටියහ.

මෙහි දී සමෘද්ධි,මුදල් , විදේශ රැකියා ප්‍රවර්ධන,  කාන්තා හා ළමා සංවර්ධන සංවර්ධන,   නිපුණතා සංවර්ධන  මිරිදිය මත්ස්‍ය සංවර්ධන, බතික් අත්යන්ත්‍ර රෙදි හා ඇඟලුම් නිෂ්පාදන, වේවැල් පිත්තල මැටි හා ලී බඩු ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ විෂයන් ඔස්සේ මේ රටේ ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරිණි .

මිරිදිය මත්ස්‍ය වගාව සහ විසිතුරු මත්ස්‍ය වගාව මීට වඩා පුළුල් කළ යුතු බවට ද මෙහි දි අදහස් ප්‍රකාශ කෙරින.
වෘත්තීය පුහුණුව නිමා කළ තරුණයන්ට සිය ව්‍යාපාර ඇරඹීම සඳහා බැංකු ණය කඩිනමින් ලබාදීමට මහ බැංකුව සමඟ මේ වනවිටත් සාකච්ඡා කර ඇතැයි රාජ්‍ය ඇමතිනි වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය.


ග්‍රාමීය කර්මාන්තකරුවන්ගේ වැඩබිම් සංවර්ධනය සඳහා ලබාදීමට නියමිත ආධාර සඳහා සුදුස්සන් තෝරා ගැනීමට අදාල ක්‍රියාවලිය දැන්ම ආරම්භ කරන ලෙස එම අමාත්‍යංශය පිළිබඳ  සාකච්ඡාවේ දි නිමල් සිරිපාල ද සිල්වා සහ නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරු අවධාරණය කළහ.

බතික් ඇදුම්වල මිල දැන් ඉහළ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙන්වා දුන් අවස්ථාවේ දී එම අමාත්‍යාංශයේ ලේකම්වරිය පෙන්වා දුන්නේ බතික් සඳහා යොදා ගන්නා තීන්ත ලංකාවට ගෙන්වීමේ  ඒකාධිකාරයක් පවතින බවත්, එම නිසා මේ වන විට සළුසල මගින් එම තීන්ත ගෙන්වීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි.
එසේම අත්යන්ත්‍ර,පේෂ කර්මාන්ත හා බතික් මධ්‍යස්ථාන පිහිටුවීමට අදාළ ප්‍රාදේශීය කටයුතු කිරීමේදී  ඒ පිළිබඳ ප්‍රදේශයේ දේශපාලන නායකත්වය සමඟ ද සාකච්ඡා කරන ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලීමක් කළේය.
කොරියාව වැනි රටවල සේවය කර මෙරටට විදේශ විනිමය ගෙන ආ ශ්‍රමිකයන්ගේ දරුවන්ට මේ රටේ  යම් කිසි කර්මාන්තයක් ඇරඹීමට ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලෙස නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා මෙහි දී අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාගේ ඉල්ලීමක් කළේය.

රටපුරා  දියර කිරි ප්‍රචලිත කිරීමේ  වැඩසටහන  සාර්ථක කර ගැනීම සඳහා  පවතින නිලධාරී හිඟය අවසන් කිරීම සඳහා සත්ව සංවර්ධන උපදේශක නිලධාරීන් ලෙස අ.පො.ස උසස් පෙළ කලා විෂය ධාරාව සමත් තරුණයන් ද බඳවා ගැනීමට කටයුතු කරන ලෙස මෙහි  දී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා කර සිටියේය.
එසේම මේ රටේ තරුණයන් රාජ්‍ය සේවයට ඇදී  ඒම වෙනුවට ඔවුන් පෞද්ගලික අංශය කෙරෙහි ආකර්ෂණය කිරීමට පෞද්ගලික අංශයට ද විශ්‍රාම වැටුප් ක්‍රමයක් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක්  සැකසීමට මේ වන විට මූලික කටයුතු කරගෙන යමින් සිටින බව ද කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පෙන්වා දුන්නේය.
මීළඟ කමිටු රැස්වීම ලබන මාර්තු  (17) බදාදා පැවැත්වෙන බව මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිවේදනය කළේය.
කැප්ෂන්- ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැති අයුරු මෙහි දැක්වේ. 
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments