20.6 C
Sri Lanka
Wednesday, December 3, 2025
HomeTOPශ්‍රි ලාංකේය සිනමාවේ විප්ලවීය ආරම්භයක් උදෙසා....

ශ්‍රි ලාංකේය සිනමාවේ විප්ලවීය ආරම්භයක් උදෙසා….

​සිනමා කර්මාන්තයට අතිශයින් තීරණාත්මක වූ සාකච්ඡාවක් අද (නොවැම්බර් 26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපතිතුමා, චිත්‍රපට බෙදාහරින්නන් හා නිෂ්පාදකයින් සමඟ එක්ව දේශීය සිනමාවේ අනාගතය පිළිබඳ වැදගත් තීරණ රැසක් ගත්තේය.

​🌟 මෙහිදී අවධාරණය වූ වැදගත් කරුණු:-

​අපේ සිනමාව රැක ගනිමු, ලෝකයට එය විවෘතව තබමු!

දේශීය සිනමාවට උපරිම ආරක්ෂාව ලබා දෙමින්ම, ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයාගේ රසඥතාව ඉහළ නැංවීමට විදෙස් විශිෂ්ට සිනමා නිර්මාණ නැරඹීමේ අවස්ථාව ලබා දිය යුතු බවට ජනාධිපතිතුමා අවධාරණය කළේය.

රසඥතාවයකින් යුත් සංස්කෘතික මිනිසෙකු තැනිම පිණිස සිනමාව…..

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික හා සංස්කෘතික සංවර්ධනයට සෘජුවම බලපාන බැවින්, සිනමා කර්මාන්තය නව මාවතකට ගෙන ඒමට රජය කැපවී සිටී.

​2025 වාර්තාව රැක ගනිමු!

2025 වසරේදී සිනමා කර්මාන්තය ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තා තැබීම අගය කළ අතර, එම ගමන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජයේ උපරිම සහාය සහතික කෙරිණි.

​ජාතික චිත්‍රපට සංස්ථාව සූදානම්! 📢

​කර්මාන්තය මුහුණ දෙන සියලු ගැටලු සඳහා කඩිනම්, සාධනීය සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීමට මෙහිදී තීරණය වූ අතර, ජාතික චිත්‍රපට සංස්ථාව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මේ මොහොතේ සිටම සූදානම් !
මෙය ලංකාවේ සිනමාවට ලැබුණු සුවිශාල ශක්තියකි .. !

උපුටා ගැනීමකී..

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments