ශ්‍රී ලාංකේය කලාකරුවන් වෙනුවෙන් කොවිෂීල්ඩ් එන්නත කඩිනමින් ලබාදෙන ලෙස ඉල්ලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරමින් වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලිපියක් යවා ඇත. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා මේවනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ග උපදේශයන්ට අනුව මෙම කොවිෂීල්ඩ් එන්නත ලබාදීම සිදුවේ. ඒ අනුව සිනමා,ටෙලිනාට්‍ය,වේදිකා හා නාට්‍ය හා රංඟකලාව, සංගීත හා වෙනත් ප්‍රසාංගික කලාකරුවන්ටත් , ග්‍රන්ථ කතුවරුන්ටත් මෙම එන්නත කඩිනමින් ලබාදීමට පියවර ගැනීමට අදාල බලධාරින් දැනුවත් කරන මෙන් සහ විශේෂයෙන් වයස්ගත හා රෝගි තත්ත්වයන් ගොදුරුවි සිටින ශල්‍යකර්මයන්ට භාජනයවි ඇති කලාකරුවන්ට නාරාහේන්පිට යුදහමුදා රෝහල මගින් හෝ මෙම එන්නත ලබාදීමට පහසුකම් සලසන මෙන් ද එම ලිපිය මගින් ඉල්ලා තිබේ. අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ දේශයේ සුවහසක් කලාකරුවන් කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගතය පැවැති සමයේ ඇඳිරි නීතිය පැවැති කාල සීමාව තුල පවා ජනතාවගේ රසවින්දනය වෙනුවෙන් සිදුකළ අනගිභවනීය මෙහෙය වෙනුවෙන් හා දේශීය කලාව වෙනුවෙන් ඔවුන්ගේ නිරෝගි සුවය ද රටට අත්‍යාවශ්‍ය කාරණයක් ලෙස සළකමින්ය.
කලාකරුවන්ට කොවිඩ් එන්නත ලබාදීම කඩිනම් කරන්න – බන්දුලගෙන් ඉල්ලීමක්
RELATED ARTICLES