20.6 C
Sri Lanka
Wednesday, December 3, 2025
HomeUncategorizedහදිසි ගොඩබෑමකදී ප්‍රධාන ගුවන් නියමු විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය දිවිපුදයි.

හදිසි ගොඩබෑමකදී ප්‍රධාන ගුවන් නියමු විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය දිවිපුදයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරය ලුණුවිල ප්‍රදේශයයේදී හදිසි ගොඩබෑමක්

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් අවතැන් වී සිටින ප්‍රජාවට ආහාර ද්‍රව්‍ය බෙදා දිමේ මෙහෙයුම් වල නිරතව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Bell 212 හෙලිකොප්ටර් යානයක් ඊයෙ සවස ලුණුවිල පාලම අසල හදිසි ගොඩබෑමක් සිදු කරන ලදී. මෙම සිද්ධිය වන අවස්ථාවේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු ගුවන් හමුදා සාමාජිකයින් පස් දෙනෙකු මෙම යානය තුල සිට ඇත.

ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව, මෙම අනතුරට මුහුණ දුන් යානය තුල සිටි ගුවන් හමුදා සාමාජිකයින් සියලුදෙනා කඩිනමින් මුදාගෙන ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට යොමුකරන ලදී. රෝහල් වෛද්‍ය කාර්යමණ්ඩලය විසින් ප්‍රධන ගුවන් නියමු විංග් කමාන්ඩර් නිර්මාල් සියඹලාපිටිය නිළධාරියාගේ ජිවිතය බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරුවද ඔහු අවාසනාවන්ත ලෙස මිය ගියේය.

ඉතා පළපුරුදු දක්ෂ හෙලිකොප්ටර් නියමුවෙකු වූ ඔහු තම සේවා කාලය තුල ගුවන් පැය 3000 වැඩි ප්‍රමාණයක් සම්පුර්ණ කර තිබුණි. සහය නියමුවා සහ යානයේ සිටි අනිත් තිදෙනා සිද්ධියෙන් දිවි ගලවා ගෙන ඇති අතර දැනට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිති.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි, විමර්ශන මණ්ඩලයක් පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments