Home Uncategorized නොවැම්බර් මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඉකුත් මාසයට වඩා අඩුවීමක්…

නොවැම්බර් මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය ඉකුත් මාසයට වඩා අඩුවීමක්…

0
2

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 නොවැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2025 නොවැම්බර් මාසය සඳහා 2.1% ක් වාර්තා වී ඇත. එය 2025 ඔක්තෝම්බර් මාසය සඳහා ද 2.1% ක් ලෙස වාර්තා වී තිබුණි.

2025 නොවැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 3.0% ලෙස වාර්තා වන අතර 2025 ඔක්තෝම්බර් මාසයේ දී එය වාර්තා වුයේ 3.5% ක් ලෙසයි.
එමෙන්ම, 2025 නොවැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය(ලක්‍ෂ්‍යමය) 1.7% ක් දක්වා වැඩි වී ඇති අතර එය 2025 ඔක්තෝම්බර් මාසයේ දී 1.4% ක් ලෙස වාර්තා විය.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here