
දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය නිසා අවතැන් ව සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින්, ඇමෙරිකානු රජයේ දූත පිරිසක් සමග එරට ගුවන් හමුදාවේ (C-130) ගුවන් යානා දෙකක් (2025.12.07) වන දින කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණෙන ලදි.
දිවයිනට පැමිනි 60 දෙනෙකුගෙන් යුත් ඇමෙරිකානු සහන සේවා කණ්ඩායම (374 Air Wing 36 Contingency Response Group, III Marine Expeditionary Force) ආපදාවන්ට ලක් වු ප්‍රදේශ වල ඉදිරි දින වලදි සහනසේවා කටයුතු සිදු කිරිමට නියමිත අතර, ගුවන් යානා මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා දායකත්වය ලබා දෙනු ඇත.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ඇමෙර්කානු තානාපතිනි, ජූලි චන්ග් (Mrs. Julie Chung) මැතිනිය, ඇතුළු එරට රජයේ නියෝජිතයින් පිරිසක් සහභාගි විය. මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මැතිතුමන්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය (විශ්‍රාමික) මේජර් ජනරාල් අරුණ ජයසේකර මැතිතුමන් වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මැතිතුමා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අධ්‍යක්ෂක ජනරාල් සැලසුම්, එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක්ද සහභාගි විය.


