සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්පීඩාවට පත්වූ ජනතාව උදෙසා රුසියානු ආධාර රැගත් ගුවන්යානයක් දිවයිනට.

පීඩාවට පත්වූ ජනතාව උදෙසා රුසියානු ආධාර රැගත් ගුවන්යානයක් දිවයිනට.

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්වය හෙතුවෙන් අවතැන් ව සිටින ජනතාවට සහන සැලසීමේ අරමුණින්, ආපදා ආධාර රැගත් රුසියානු සමූහාණ්ඩුවට අයත් IL- 76 භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් (2025.12.10) වන දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිනි අතර මෙම ආධාර තොගය යටතේ ජංගම විදුලි බලාගාරයක් ඇතුළුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් ඇතුලත්වේ.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් ජගාරෙයාන් ( Levan Dzhagaryan ), වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර , ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති එයාර් චීෆ් මාර්¬ෂල් හර්¬ෂ අබේවික්‍රම යන මහත්වරුන් පිරිසක්ද සහභාගී විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments