සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්විපතට පත් ජනතාව වෙනුවෙන් කාර්යාංශයේ නිලධාරීන් රුධිරය පරිත්‍යාග කරයි...

විපතට පත් ජනතාව වෙනුවෙන් කාර්යාංශයේ නිලධාරීන් රුධිරය පරිත්‍යාග කරයි…

දිවයිනට බලපාන ලද අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රෝගී වූ ජනතාවගේ රුධිරය අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය කරන ලේ දන් දිමේ වැඩසටහනක් අද දින (2025.12.10) ජාතික රුධිර මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී පවත්වන ලදී. 

කාර්යාංශයේ සේවක සුබසාධක සංගමය සහ බෞද්ධ සංගමය එක්ව මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කළ අතර කාර්යාංශයේ සේවකයින් විශාල පිරිසක් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එක්විය.

මීට අමතරව, බත්තරමුල්ල අවට කාර්යාලවල නිළධාරීන්ද රුධිරය පරිත්‍යාග කිරීම සඳහා සහභාගි විය.

පසුගිය දිනවල පැවති ව්‍යසනකාරී තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ ජනතාව වෙනුවෙන් පිසූ ආහාර ලබාදීමේ වැඩසටහනක්ද කාර්යාංශ නිළධාරීන් එක්ව මීට පෙර සංවිධානය කරන ලද අතර, ද්‍රව්‍යමය ආධාර විපතට පත් ජනතාව වෙත ලබාදීම සඳහා “සෙනෙහසේ සත්කාරය” නමින් විශේෂ වැඩසටහනක්ද සංවිධානය කරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments