නුවර එළියේ සහල් පිළිබඳ වැටලීම් පාරිභෝගික අධිකරිය දිගින් දිගටම සිදුකරමින් තිබෙන අතර එහිදි අසුවු කූඨ වෙළෙඳුන්ට අධිකරණයෙන් දඩ අය කිරීම් මෙසේ දැක්වේ.
ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහල් වැටලීම්: ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට ලක්ෂ 2ක දඩ!
අද (2025.12.17) දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ සහල් වැඩි මිලට අලෙවි කළ වෙළෙඳුන් සම්බන්ධව නඩු පැවරීම් සිදු කරන ලදී.
හැටන් මහේස්ත්‍රාත් අධිකරණය:
ආනයනික සම්බා සහල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන්, කොටගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂයක (100,000) දඩ මුදලක් නියම කෙරිණි.
නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය:
සහල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන්, ලිඳුල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂයක (100,000) දඩ මුදලක් නියම කෙරිණි.
සහල් ඇතුළු භාණ්ඩ අධික මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විමර්ශන දිවයින පුරා ක්‍රියාත්මකයි.
මාතලේ වැඩි මිලට භාණ්ඩ විකුණූ ආයතන දෙකකට රු. ලක්ෂ 6ක දඩ!
මාතලේ තොටගමුව ප්‍රදේශයේ වෙළඳ ආයතන දෙකක් උපරිම සිල්ලර මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඊයේ (2025.12.18) දඩ නියම කර තිබේ.
කීරි සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීම
කීරි සම්බා සහල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් තොටගමුව ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් වන සමාගමකට රු. 500,000 (ලක්ෂ පහක) දඩ මුදලක් නියම කෙරිණි.
පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කිරීම
උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට පානීය ජල බෝතල් අලෙවි කළ තොටගමුව ප්‍රදේශයේ රෙස්ටුරන්ට් ආයතනයකට රු. 100,000 (ලක්ෂයක) දඩ මුදලක් නියම කෙරිණි.
වැඩි මිලට වතුර විකුණූ සුපිරි වෙළඳසැලකට රු. ලක්ෂයක දඩයක්!
මාතලේ දිස්ත්‍රික්කයේ, මඩවල උල්පත ප්‍රදේශයේ පිහිටි “සුපර් සෙන්ටර්” (Super Center) ආයතනයකට වරද පිලිගැනීමෙන් පසුව පල්දෙනිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් රු. 100,000 ක දඩ මුදලක් නියම කර තිබේ.
(18)දා වැටලීම්..
සිද්ධිය: පානීය ජල බෝතල් නියමිත මිලට වඩා වැඩි මිලකට අලෙවි කිරීම.
තීරණය: අදාළ ආයතනය වරද පිළිගැනීම හේතුවෙන් මෙම දඩ මුදල නියම කරන ලදී.
පාරිභෝගිකයිනි, භාණ්ඩ මිලදී ගැනීමේදී උපරිම සිල්ලර මිල (MRP) ගැන නිතරම සැලකිලිමත් වන්න.
කීරී සම්බා වැඩි මිලට විකුණූ වෙළෙන්දාට රු. ලක්ෂ 2ක දඩයක්!
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, පලුගස්දමන ප්‍රදේශයේ වෙළඳ ආයතනයක් විසින් කීරී සම්බා සහල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලකට අලෙවි කිරීමේ චෝදනාවට වරද පිළිගෙන තිබේ.
ඒ අනුව, ඊයේ (2025.12.18) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ වෙළඳ ආයතනයට රු. 200,000 (ලක්ෂ 02) ක දඩ මුදලක් නියම කරන ලදී.
වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකයි!
පාරිභෝගිකයිනි, නියමිත මිලට වඩා වැඩි මුදලක් ගෙවීමෙන් වළකින්න.
වැඩි මිලට සහල් විකුණූ කල්මුණේ වෙළෙන්දෙකුට රු. ලක්ෂයක දඩයක්!
සහල් උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරද පිළිගත් කල්මුණේ ප්‍රදේශයේ වෙළඳසැලකට, කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රු. 100,000 (ලක්ෂයක) දඩ මුදලක් නියම කර තිබේ.
මේවනවිට (18)දා සිදුකළ වැටලීම්වලදී
සහල් වැඩි මිලට විකිණීම.
තීරණය: වරද පිළිගැනීම හේතුවෙන් රු. ලක්ෂයක දඩයක්.
ලග්ගල වෛද්‍ය රසායනාගාරයක් වටලයි! රුධිර සාම්පල ලබාගන්නා නළ නැවත නැවත භාවිත කරලා?
ලග්ගල නගරයේ පෞද්ගලික වෛද්‍ය රසායනාගාරයක් (Medical Lab) සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් සිදුකළ විශේෂ වැටලීමකදී වැරදි රැසක් අනාවරණය කර ගැනීමට හැකි විය.
මෙහිදී හෙළි වූ ප්‍රධාන කරුණු:
නැවත භාවිතය: රුධිර සාම්පල ලබා ගැනීම සඳහා එක් වරක් පමණක් භාවිත කළ යුතු (Single-use/Disposable) නළ, සෝදා පිරිසිදු කර නැවත නැවතත් රෝගීන් සඳහා භාවිත කිරීම.
කල් ඉකුත් වූ ද්‍රව්‍ය: කල් ඉකුත් වූ (Expired) රුධිර පරීක්ෂණ නළ තොගයක් රසායනාගාරය තුළ තිබී සොයා ගැනීම.
මුදල් ඉපැයීමේ අරමුණින් රෝගීන්ගේ ජීවිත අනාරක්ෂිත කරන මෙවැනි ව්‍යාපාරික ස්ථාන වටලා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.
ඇඹිලිපිටිය පල්ලේගම වෙළඳසැල් 2කට ලක්ෂ 2ක දඩයක්!
ඇඹිලිපිටිය, පල්ලේගම ප්‍රදේශයේ වෙළඳසැල් දෙකක් විසින් දේශීයව නිෂ්පාදිත ටින් මාළු (Canned Fish), නියමිත පාලන මිලට වඩා වැඩි මිලකට අලෙවි කර තිබේ.
මෙම වරද පිළිගත් අදාළ වෙළඳසැල් හිමියන්ට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය (19) රුපියල් ලක්ෂ 02ක (200,000) දඩ මුදල් නියම කරන ලදී.
නීතිය ක්‍රියාත්මකයි! පාරිභෝගිකයන් ලෙස ඔබත් භාණ්ඩ මිලදී ගැනීමේදී මිල ගණන් ගැන අවධානයෙන් සිටින්න.




