මැතිවරණ කොමිසම දැනුම් දී ඇති අයුරින් අවශ්‍ය වාර්තා ලබානොදුන් පිළිගත් දේශපාලන පක්ෂ තාවකාලිකව අත්හිටුවමීට තීරණය කර ඇතැයි එම කොමිසම දන්වා සිටියි. ඒ අනුව1981 අංක (01) දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනත ප්‍රකාරව මෙම ක්‍රියාවලිය සිදුකෙරේ. යම් යම් හේතු සාධක මත දේශපාලන පක්ෂ පළාත් පාලන ආයතනවලින් ඉවත් කළ සභිකයින් එකී ඉවත් කිරීමට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාගෙන නොමැත්තේ නම් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත (262 අධිකාරිය) ප්‍රකාරව ඔවුන් සභික ධූරවලින් ඉවත් කළ යුතුව පවතින හෙයින්, ඒ සම්බන්ධයෙන් ක්‍රියාකරන ලෙස අදාල තේරීම්භාර නිලධාරින් වෙත කොමිසම උපදෙස් දී තිබේ. ජනාධිපතිවරණ ඡන්ද විමසීම්, පාර්ලිමේන්තු ඡන්ද විමසීම් හා පළාත් සභා ඡන්ද විමසීම් සඳහා දැනට පවත්නා තැන්පත් මුදල් ප්‍රමාණය සංශෝධනය කිරීමටත්, ඡන්ද විමසීමක් සඳහා ස්වාධීනව තරඟ කරන අපේක්ෂකයන්ට පමණක් ඇප තැන්පත් කළ යුතු බවට දැනට පවත්නා විධිවිධාන සංශෝධනය කිරීමත්, එම විධිවිධාන ස්වාධීනව තරඟ කරන කරනු ලබන අපේක්ෂකයන්ට පමණක් සීමා නොකට පිළිගත් දේශපාලන පක්ෂවලින් තරඟ කරන අපේකෂකයින්ටද එම කරුණු වලංගු කිරීම සඳහා අවශ්‍ය සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පත් අමාත්‍ය මණ්ඬල ඇනුමැතිය ලබාගැනීමට ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කිරීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර ඇත.
අවශ්‍ය වාර්තා ලබානොදුන් දේශපාලන පක්ෂ තාවකාලිකව අත්හිටුවමීට තීරණයක්
RELATED ARTICLES