තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සහ ලේක්හවුස් ආයතනය එක්ව සංවිධානය කර Lanka Ride දීපව්‍යාප්ත පාපැදි සවාරිය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් අද දින (12දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. අච්චුදන් මහතා, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුමිත් ශාන්ත මහතා, අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ දිලුම් දයාරත්න මහතා සහ ලේක්හවුස් ආයතනයේ ප්‍රකාශන කළමනාකරු ජයමහ මහතා සහභාගී වූහ.
වසර 21ක දීර්ඝ කාලයකින් පසු මෙම දැවැන්ත පාපැදි තරඟාවලිය නැවත ආරම්භ කිරීම මෙහි ඇති විශේෂත්වයයි. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රක්ෂණ දායකත්වය සපයන අතර ලේක්හවුස් ආයතනය මෙහි නිල මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි.
ඒ අනුව,පළමු දිනය (ජනවාරි 16) පෙරවරු 9.00 ට කොළඹ ලේක්හවුස් ආයතනය අසලින් ආරම්භ වී, පෑලියගොඩ දක්වා ‘සංකේතාත්මක ගමනක්’ (Free Ride) ලෙස පැමිණෙන අතර, නිල තරඟය පෑලියගොඩින් ආරම්භ වීමට නියමිතය. කිලෝමීටර් 105 ක දුරක් ගෙවා එදින පස්වරු 12.30 ට පමණ මහනුවර ගන්නෝරුවෙන් පළමු අදියර නිමාවේ.
තරඟයේ දෙවන දිනය, මහනුවර සිට අනුරාධපුරය දක්වා වන අතර, කිලෝමීටර් 135.5 ක දුරක් තරඟය පැවැත්වේ.
තරඟයේ තෙවන දිනය හෙවත් අවසන් දිනය අනුරාධපුරයේ සිට පුත්තලම පාර හරහා කොළඹ දක්වා කිලෝමීටර් 208 ක දුරක් ගෙවා පැමිණෙන අතර, තරඟය කොළඹ 07 නිදහස් චතුරශ්‍රය අසලින් නිමාවට පත්වේ.
ත්‍යාග ප්‍රදානෝත්සවය 18 වෙනිදා පස්වරු 4.30 ට පැවැත්වීමට නියමිතය.
තරඟාවලියට සහභාගී වන සෑම ක්‍රීඩකයෙකුටම දිනකට රුපියල් 5,000 ක අතිරේක දීමනාවක් ලබා දෙන අතර ප්‍රදානය කරන සමස්ත ත්‍යාග මුදල් පහත පරිදි දැක්වේ.
අදියර ජයග්‍රහකයින් සඳහා,
1 වැනි ස්ථානය – රු. 50,000,
2 වැනි ස්ථානය – රු. 30,000,
3 වැනි ස්ථානය – රු. 20,000,
4 වැනි ස්ථානය – රු. 15,000,
5 වැනි ස්ථානය – රු. 10,000.
සමස්ත තරඟයේ ජයග්‍රහකයින් සඳහා,
- 1 වැනි ස්ථානය – රු. 600,000
2 වැනි ස්ථානය – රු. 500,000
3 වැනි ස්ථානය – රු. 400,000
4 වැනි ස්ථානය – රු. 300,000
5 වැනි ස්ථානය – රු. 200,000
6 සිට 10 දක්වා – රු. 100,000 බැගින්
11 සිට 15 දක්වා – රු. 75,000 බැගින්
16 සිට 20 දක්වා – රු. 50,000 බැගින්
21 සිට 25 දක්වා – රු. 25,000 බැගින්
විශේෂ ත්‍යාග
වේගවත්ම ක්‍රීඩකයා (Best Sprinter) – රු. 100,000,
King of the Mountain – රු. 100,000,
අනුශූරතාවය – රු. 100,000,
හොඳම යොවුන් පාපැදිකරු – රු. 200,000 සහ හොඳම කණ්ඩායම – රු. 200,000.
පාපැදි ක්‍රීඩාවේ නව පුනරුදයක් ඇති කිරීම උදෙසා සංවිධානය වන මෙම සුවිශේෂී ක්‍රීඩා උළෙල සඳහා උපරිම මාධ්‍ය දායකත්වය ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
මාධ්‍ය අංශය,
තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය.


