23.3 C
Sri Lanka
Friday, January 16, 2026
Homeකලා පුවත්මළ මගුලයි වැඩ අරඹයි....!

මළ මගුලයි වැඩ අරඹයි….!

නව වසරේ ආරම්භක මාසයේදීම තවත් සුන්දර සිනමා සිත්තමක වැඩ කටයුතු පසුගියදා සුබ මොහොතින් ආරම්භ වූයේ , බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටල් පරිශ්‍රයේ පිහිටි ඕකීඩ් උත්සව ශාලාවේදීය. ” මළ මගුලයි” නමින් හැඳින්වෙන මෙය සම්පූර්ණයෙන්ම හාස්‍යෝත්පාදක සිනමා නිර්මාණයකි. මීට පෙර ” අපේ ප්‍රින්සිපල් ” හා ” පාස්පෝට්” චිත්‍රපට යුගලය තිරයට රැගෙන ආ ක්‍රිස් ඇන්තනිගේ සිව්වන සිනමා නිර්මාණය ලෙසින් මෙය තිරයට එක්වීමට නියමිතව ඇත . ඔහු විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ ” අන්ලොක්” සිනමා පටය ද නුදුරේම තිරගත වීමට නියමිතයි. ඒ ටූ ඉසෙඩ් ( A to Z) නමින් හැඳින්වෙන ව්‍යාපාර ආයතනයක් පවත්වාගෙන යමින් , ඒ තුළින් උපතේ සිට විපත දක්වා සිදුවන ඕනෑම උත්සව අවස්ථාවක් නිර්මාණාත්මකව සංවිධානය කිරීම මෙම ආයතනයේ අරමුණයි. ඒ පිළිබඳව කිසිදු දැනීමක් , අවබෝධයක් හෝ උගත්කමක් නොමැති මෙම පිරිස අදාළ උත්සව අවස්ථාවන් සංවිධානය කිරීමේදී ඇතිවන විවිධ ගැටලුකාරි තත්වයන් පිළිබඳව මෙතුලින් අවධානයට ලක්කර ඇත. ක්‍රිස් ඇන්තනි, චාලින් මනුරංග, එල් .දුල්ශාන් සිල්වා එක්ව ලියූ ” මළ මගුලයි” තිර පිටපත කෝසල ගමගේ විසින් නිෂ්පාදනය කර ඇත. ධර්මප්‍රිය ඩයස් , සම්පත් ජයවීර , මිහිර සිරිතිලක , පබෝදා සංදීපනි , රිචඩ් මානමුදලි , විදුරංග සිරිමාන්න , දයා වයමන්, රංජිත් රූබන් , රාජා ගනේෂන් , තරිඳු කාවින්ද ගමගේ ඇතුළු පිරිසක් රංගනයෙන් මේ සඳහා එක්ව ඇති අතර , කැමරා අධ්‍යක්ෂණයෙන් රුවන් කෝස්තා , සහය අධ්‍යක්ෂණයෙන් නිරෝෂන් එදිරිමාන්න , සංස්කරණයෙන් ශාන් අල්විස්, සංගීත අධ්‍යක්‍ෂණයෙන් චින්තක ලක්මාල් ජයකොඩි, අංග රචනයෙන් ප්‍රියන්ත දිසානායක , කලා අධ්‍යක්ෂණයෙන් මංජුල අයගම , ඇඳුම් නිර්මාණයෙන් ජීවන්ති පෙරේරා , ප්‍රචාරක නිර්මාණ කටයුතු අංශයෙන් සිනෙත් මාලක පතිරණ ඇතුළු පිරිසක් “මළ මගුලයි ” සඳහා එක්වී ඇත. මෙම ජනවාරි මාසය ඇතුළත මෙහි සම්පූර්ණ රූපගත කිරීම් නිම කිරීමට ” මළ මගුලයි ” කණ්ඩායම සූදානමින් සිටී .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments