ලෝකයේ විවිධ රටවල පවත්නා ජනප්‍රිය ක්‍රීඩාවන් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සහ ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙළ යටතේ, දකුණු කොරියාවේ ජනප්‍රිය ක්‍රීඩාවක් වන “ජොක්ගු” (Jokgu) ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ නිල සමාරම්භක උළෙල අද (24දා) තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත් වුණි.
2025 වසරේ සිට ක්‍රමානුකූලව සැලසුම් කරන ලද මෙම ක්‍රීඩාව මෙරටට හඳුන්වාදීමේ ප්‍රයත්නය අද සාර්ථක වූ අතර, එය ශ්‍රී ලාංකීය ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළනු ඇත.
කොරියානු-ලෝක ජොක්ගු සම්මේලනයේ සභාපති හොං කී යොං මහතාගේ (Mr. Hong Ki-yong) සහ ජාත්‍යන්තර ජොක්ගු සම්මේලනයේ ශ්‍රී ලංකා නියෝජිත නන්දන ඇඹුල්දෙණිය මහතාගේ මැදිහත් වීම මත, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ මගපෙන්වීම යටතේ මෙම සමාරම්භක උළෙල සංවිධානය විය.



