ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, වත්මන් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශය විසින් මඩකලපුව කොඩ්ඩයිමුනයි කනිෂ්ඨ විද්‍යාලයේ සිසුන් සඳහා අංගසම්පූර්ණ පහසුකම් සහිත නව තොරතුරු තාක්ෂණ (IT) පරිගණක මධ්‍යස්ථානයක් 2026 පෙබරවාරි 23 වන දින සිසු අයිතියට පත් කරන ලදී.
සිසුන්ට නවීන තාක්ෂණික ඉගෙනුම් පරිසරයක් ලබාදීම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත. වායුසමීකරණය කරන ලද නව තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය, ඩෙස්ක්ටොප් පරිගණක 15ක්, UPS පද්ධති සහ අන්තර්ජාල පහසුකම් වලින් සමන්විත වේ. එමඟින් පාසල් සිසුන්ට නවීන තොරතුරු තාක්ෂණ පහසුකම් භාවිත කරමින් ඉගෙනීමට අවස්ථාව සැලසේ. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය වෙනුවෙන් ඉදිරියටත් දිවයින පුරා ග්‍රාමීය පාසල් කිහිපයක ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා මඩකලපුව රොටරි සමාජය විසින් විද්‍යාගාරයට අවශ්‍ය පරිඝණක මේෂ සහ පුටු ලබා දුන් අතර, පරිගණක පරිශ්‍රය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට ගුවන් හමුදාවේ අධ්යක්ෂ ජෙනරාල් විද්‍යුත් හා තොරතුරු තාක්ෂණ ඉංජිනේරු එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටි ආරච්චි මහතා, තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක ගෘප් කැප්ටන් චානක සූරියආරච්චි මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන්, රොටරි සමාජයේ සාමාජිකයින්, පාසලේ විදුහල්පතිතුමා, ගුරුභවතුන් සහ සිසු දරුදැරියන් පිරිසක් සහභාගී වූහ



