ඉරානයට තවදුරටත් අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ප්‍රහාර එල්ල කරමින් සිටියි. මෙහිදි ඉරානයේ ආගමික කමිටුව ඉලක්ක කර සිටින බව අමෙරිකවා පවසයි. යුද්ධය පැවැති දින හතර තුල ඉරානයේ මරණ දහස ඉක්මවා ගොස් තිබේ. ඒ තුළ දරුවන් එකසිය අසුවක් සිටින බව වාර්තාවේ. මේ අතර ගුවන් ප්‍රහාරක නෞවකාවක් මධ්‍යධරණි මුහුදට එවීමට ප්‍රංශය කටයුතු කර තිබෙනවා. ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින් තිබෙන අවස්ථාවක යුරෝපා සංචාරකයින් ඉවත් කර ගැනීමට යුරෝපය කටයුතු කරගනිමින් සිටිනවා.
අද (04) ඉරානය වෙත පුළුල් ප්‍රහාර මාලායක් එල්ල කිරීම ආරම්භ කළ බව ඊශ්‍රායලය පවසා තිබේ. මිසයිල විහිදුම් ස්ථාන , ගුවන් ආරක්ෂණ පද්ධති හා අනෙකුත් යටිතල පහසුකම් සලසන ස්ථාන ඉලක්ක බව ඊශ්‍රායල් හමුදාව පවසනවා. මේ ප්‍රහාරවල ඉලක්කය ඉරානයේ ඉස්ලාමීය අධ්‍යාත්මික පරිපාලනය බව අමෙරිකාව පවසනවා. එම පරිපාලනය සඳහා රැස්වීමක් පැවැති ගොඩනැඟිල්ලකටද ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පවසනවා. ඉරානයේ වැඩිහිටියන් පන්දහස් හාරසීයක් තුල තවත් දරුවන් තුවාළ ලබා සිටින බවද වාර්තා වෙනවා.
මේ අතර දකුණු ඉරානයේ බාලික පාසැලක දරුවන් එකසිය හැටපහක් පළමු අමෙරිකා ඊශ්‍රායල් ප්‍රහාරයේදී ඝාතනයවූ අතර ඒ දරුවන්ගේ අවසන් කටයුතුද සිදුකෙරිණි ඊට විශාල ජනතාවක් එක්ව සිටි බව වාර්තාවෙනවා. ඉරානයේ සීමාවන්වල සිටින ජනයා අසල තිබෙන තුර්කීය,ඇෆ්ගනිස්ථානය හා චීනය යන රටවලට පැන යෑමට කටයුතු කරන බවට වාර්තා තිබුණත් එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සීය ප්‍රකාශ කරන්නේ ඉරාන ජාතිකයින් මහා පරිමණයෙන් රට හැර යන බවක් නොපෙනන බවයි.
මේ අතර අමෙරිකානු සෙනෙට් සභිකයින් සැක පළ කරමින් කියා ඇත්තේ අමෙරිකාව මැද පෙරදිග දීර්ඝ යුද්ධයකට පැටලෙන්න යන බවය. තවදුරටත් ඒ අය පවසා ඇත්තේ අමෙරිකාවට සිය හමුදා ඉරානයට යවන්න සිදුවුණොත් එයද ගැටලුවක් බවයි මන්ද ඇෆ්ගනිස්ථානයට අමෙරිකානු හමුදාව යවා වසර විස්සක් පසුව නැවත පැමිණෙද්දි සිදුවු දෙයක් නොමැති බවද ඒ අය සිහිපත් කරයි.
එමෙන්ම ඉරාකයේ සීමාවේ කුර්දි සටන්කාමීන් ආයුධ ලබාදී ඉරානයේ විප්ලවකාරි හමුදාවට ප්‍රහාර එල්ල කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක වෙමින් තිබෙන බව වාර්තාවේ.
මේ අතර මාර්ගගත ක්‍රමයට ඉරානයේ අධ්‍යාත්මික විද්වත් කමිටුව රැස්වීමට නියමිත අතර ඊශ්‍රායල් හා අමෙරිකා හමුදා ප්‍රහාරවලින් ඒ අයට කිසිදු හානියක් සිදුවි නැති බව ඉරානයේ පුවත් සේවයක් පවසා තිබේ.
මේ යුද්ධය තුලින් අනාගතයේදී න්‍යෂ්ඨික යුද්ධයක් වැළෑක්වීමට තමාට හැකිවු බව අමෙරිකානු ජනාධිපති පවසා තිබේ. හෝමුස් හරයා ගමන් කරන තෙල් නෞවකාවලට රක්ෂණාවරණයක් ලබාදීමටද අමෙරිකාව සූදානම් බව වාර්තාවේ. සබ්මැරීන් එකක් ඉරානයේ නෞවකා 17ක් විනාශ කළ බව අමෙරිකාව පවසයි. ජාත්‍යාන්තර වෙළෙඳාමට සිදුවෙලා තිබෙන බලපෑම සම්බන්ධයෙන් ප්‍රංශය කටයුතු කිරීමට බලාපොරොත්තුවේ. ඔවුන්ගේ චාල්ස් ඩිගොල් නැව මධ්‍යධරණී මුහුදේ නවතා දැමීමටද කටයුතු සිදුකෙරේ.



