ඉරානයේ යුද හමුදාවට අයත් අයත් අයිරිස් ඩෙනා නම් නෞකාව ගාලු ධීවරය වරායට සැතපුම් හතළියක් පමණ දුරින් ගිලෙමින් පවතින බවට ශ්‍රි ලංකා නාවික හමුදාවට හා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අද අලුයම 5.00ට පමණ ලැබුණු ආරංචියක් ලැබි තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඩෝරා යාත්‍රා දෙකක් හා නෞවකාවක් හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිරික්ෂණ යාත්‍රාවක් එම පිරිස මුදා ගැනීම සඳහා ගොස් තිබේ. අනතුරුව එහි සිටි තිස්දෙදනකු මෙරටට ගෙනැවිත් ගාලු ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
මේ අතර තවත් මෘතශරිරද මෙරටට ගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරමින් සිටියි. මෙහි සංඛ්‍යාව කියන්න නොහැකි බවද අනතුර ගැනද පරීක්ෂණවලින් පසුව කිව හැකි බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසා සිටියි.
මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ එක්සප්‍රස් පුවත්පත පවසා ඇත්තේ ඉන්දියාවේ විශාකා පටුනේ පැවැති යුධ අභ්‍යාසයකට එක්ව මේ නැව යමින් තිබුණ බවයි.



