බ්‍රහස්පතින්දා, මාර්තු 5, 2026
Homeසාහිත්‍යය‘ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය‘ග්‍රන්ථය එළිදකී...

‘ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය‘ග්‍රන්ථය එළිදකී…

අනුර ප්‍රේමලාල්

ඡායාරූප-තුෂාර ප්‍රනාන්දු

මෙම කෘතිය එළිදැක්වීමේ උත්සවය ඉකුත් (04) සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී පැවැත්විණි.

මෙහි මුලසුන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුශාසක අග්ගමහා පණ්ඩිත මහචාර්ය කොටපිටියේ රාහුල නායක ස්වාමීන් වහන්සේ දැරූහ.

මෙහිදි දෙසුම් ශාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරි ආචාර්ය මැදගම ධම්මානන්ද නාහිමි, රාමඤ්ඥ මහා නිකායේ අනුශාසක ආචාර්ය වලේබොඩ ගුණසිරි නාහිමි, අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක මහචාර්ය කන්දේගොඩ විමලධම්ම නාහිමිද හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක හා ග්‍රන්ථයේ කර්තෘ මහාචාර්ය චන්න ජයසුමන යන අය පැවැත්වූහ.

මෙහිදි නැඟෙනහිර පළාතේ තිබෙන පුරාවිද්‍යා පිළිබඳවද ග්‍රන්ථයක් සකස් කරන ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කෙරිණි. මෙම පුරාවස්තු ජාතියකට ආගමකට අයිති නොවන අතර රටේ සියලුම පුරවැසියන්ට මේවා හිමිකට තිබෙන බැවින් ඒවා විනාශ නොකර දිවිහිමියෙන් ආරක්ෂා කර ගැනීම සියලුම ශ්‍රීලාංකික ජනතාවටම පරම යුතුමක් හා වගකීමක් තිබෙන බව මෙහිදි අවධාරණය කෙරිණි.

මෙය ඉතා දැඩි පරිශ්‍රමයක් දරා සකස් කරන ලද ග්‍රන්ථයක් බවද එය ඉතා කාලෝචිත අවශ්‍යතාවයක් බවද දෙසුම් පැවැත්වු ගිහිපැවැදි සියලු දෙනා පෙන්වාදුන්හ.

මෙහිදි ග්‍රන්ථය රචනා කළ මහචාර්ය චන්න ජයසුමන මහතා ගිහිපැවැදි ආරාධිත අමුත්තන් වෙත ග්‍රන්ථය පිරිනැමිමද සිදුකෙරිණි.

මේ අවස්ථාවට මහා සංඝරත්නය වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලඥයින් හා තවත් ආරාධිතයින් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments